පසුගිය දවසක පැවැත්වුණු සිග්නිඋස් සම්මාන උළෙලේ 2021 වසරේ  හොඳම නිළිය සම්මායට පාත්‍ර වුණේ අනුරාදා එදිරිසිංහයි.ඉතින් අය හිතුවවත් නැති මොහොතක ලැබුණු මේ සම්මානයක් තුරුළු කරගෙන අද වෙද්දිත් ටෙලි නාට්‍ය කීපයකම කතා බහට ලක් වුණු චරිත රැසක් නිරූපණය කරනවා.

අනුරාධ ගැන කතා කරද්දි ඇය රංගනයට අමතරව පසුගිය දවසක චලනි තාරකාගේ වෙඩින් එකේදී  ඇය වෙනුවෙන් ඇයගේම කටහඬින් ගීතයක් ගායනා කරනවා.අනුරාධට ඕනේ උනේ ශලනි සහ ඇය අතර තියෙන සහෝදර බැඳීමට අරුතක් එක් කරන්න.

ඉතින් ඒ ගීතය සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රසිද්ධ වෙච්ච ගීත නිර්මාණයක් බවට පත්වුණා.ඒ විදිහට වැඩ කටයුතු කරගෙන යන අනුරාදා බොහෝ දෙනෙක් විවාහ වෙද්දි තාමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ.දැන්වත් ආදර පන්තියක් නෙවෙයිද කියල අහපු අවස්ථාවකදී ඇය කියලා තිබුණේ මේ වගේ කතාවක්


“අදත් කියන්න තියෙන්නෙ නැහැ කියලා. ආදරය වෙනුවෙන් කාලය කළමනාකරණය කරගන්න බැරි ප්‍රශ්නයක් මට තියෙන්නේ. ආදරේක පැටලුණොත් මගේ මේ කාර්යබහුලත්ව නිසා ඔහුට දුක් විඳින්න වෙයි. ඒක ඔහුට කරන අසාධාරණයක්.”


ඉතින් ඇය හිතන පතන ආකාරයෙන්ම ආදරවන්තයෙක් ලැබිලා ජීවිතය සතුටින් ගත කරන්නට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.