ලෝකය තුළ බොහෝ දෙනෙක් අතර ආකර්ෂණීය රංගන ශිල්පිනියක් විදිහට නම දිනාගත්තු ඇය නමින් ධනංජි තාරුකා.ධනංජි ගැන කතා කරද්දි මේ දවස්වල විකාශය වන සංසාරිණි ටෙලි නාට්‍යයේ  තුෂීගේ චරිතය හරහා ඇය ප්‍රේක්ෂකයා හමුවට ආවා.

ඇය අධ්‍යාපන කටයුතුවලින් පස්සේ විනෝදාංශයක් විදිහට නැටුම් පන්තියකට යනවා.ඒ ගියපු අවස්ථාවකදී ඡායාරූප ශිල්පියෙක් තමයි ඇයට කලාවට එන්න මග පාදලා තියෙන්නෙ. ඒවගේම ඔහුගේ ආදරණීය සැමියත් මේ වෙද්දී කලාවත් එක්ක සම්බන්ධයි.

දෙන්නම එකම ක්ෂේත්‍රයක ඉන්න නිසා ඉතාමත් පහසුවෙන් අවබෝධයෙන් මේ ගමන යන්න පුළුවන් කියලත් ධනංජය කියනවා.දැන් මේ දෙන්නම විවාහ වෙලා ටික කාලයක් ගතවෙලා නිසා ප්‍රීතිමත් විවාහ ජීවිතයකට තවත් තුන්වැන්නෙක් එකතු කරගන්නේ කවද්ද කියලා අහපුහාම ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඇත්තටම අපි දෙන්නම ෆිල්ඩ් එකට එන්නේ අහම්බෙන් මුණ ගැහිලා මිතුරු මිතුරියන් වෙලා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙලා. ඒ හරහා විවාහය දක්වා ගියේ නොහිතපු විදිහට.අපි ඒ විදිහටම අපි දෙන්නගේ බලාපොරොත්තුවත් නොහිතන වෙලාවක ඉටු වෙලා  අපේ ජීවිත සම්පූර්ණ වේවි කියන ප්‍රාර්ථනාව අපි දෙන්නගෙම හිත් වල තියෙනවා”

ඉතින් ඒ ගැන අහපු අවස්ථාවකදී ධනංජි ඔන්න ඔය විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ.