නිවේදකයක් ඒ වගේම රංගන ශිල්පියෙක් විදිහට විවිධ වැඩසටහන් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආපූ මේ සුන්දර කලා ශිල්පියා නමින් මාධව විජේසිංහ.මාධව මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ නිවේදකයෙක් විදිහට.  ඒ විදිහට එන මාධුවට අවස්ථා ගණනාවකදීම කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා

ඉතින් පසුගිය දවස් කීපයේ නම් මාධව කලා කටයුතුත් එක්ක නෙවෙයි ටිකක් සංවේදී කාල සීමාවක් ගත කරා කිව්වොත් හරි.ඒකට හේතුව ඔහුගේ ආදරණීය මව රෝහල්ගත කර ප්‍රතිකාර කිරීමට සිදුවූ නිසයි.

ඇයගේ රෝගී තත්ත්වය පිළිබඳව සම්පූර්ණයෙන්ම විස්තරයක් දන්නේ නැති උනත් ඔහු විසින් විට අම්මට සුවය පතා සමාජ මාධ්‍ය ගිණුමට පණිවිඩ එකතු කරලා තිබුණා.ඒ විදිහට ආසිරි රෝහලේ නේවාසි ගතව ප්‍රතිකාර ලබන ඇය දහවෙනි දවස වන අද දවසේදී ජීවතුන් අතරින් සමු අරගෙන තියෙනවා.

ඉතින් ඒ සංවේදී පුවත මාධව තමන්ගේ මුහුණු පොතේ පළ කරලා තිබුණේ මේ විදිහටයි.


“අද දහවෙනි දවස...

දෙසැම්බර් 30 වෙනිදා ඉඳන් මේ වෙනකන් එක දිගට දින 10ක් අපි කවුරුත් මේ මහන්සි වෙන්නේ ඔයාව සුවපත් කරන්න. ඔයා මෙහෙම නිදි අතරේ සිද්ද වුනු හැමදේම එකින් එක මම කියන්නම් ඔයාට සනීප වුනහම..

ඉක්මන් නිරෝගී සුව අත්වේවා අම්මේ.."


ඉතින් ඔහුගේ ආදරණීය අම්මට අපේත් උතුම් නිවන් සැපත ප්‍රාර්ථනා කරන්නෙමු.