පබා ටෙලි නිර්මාණය හරහා ගොඩක් දෙනෙක් දන්න කියන ආදරණීය රංගන ශිල්පිනියක් බවට පත්වෙච්චි කලාකාරිනියක් තමයි උපේක්ෂා ස්වර්ණ මාලි කියන්නේ. පුංචි තිරයේ විතරක් නෙවෙයි ඇය රිදී තිරයේත් විවිධ දක්ෂතා පෙන්නන රංගන ශිල්පිනියක්.

විශිෂ්ට ගණයේ නිර්මාණ රැසක් හරහාම ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය 2024 අවුරුද්දෙත් අලුත් වැඩ කටයුතු රැසක් එක්ක එකතු වෙලා තියෙනවා.ඉතින් ඔබ අප සියලුම දෙනා දන්නා පරිදි උපේක්ෂා කියන්නේ විවාහයෙන් වෙන්වෙලා ආදරණීය දියණියත් සමඟම තනියම රඟපෑම් සහ ගෙදර දොර කටයුතු කරගෙන ජීවත් වන කෙනෙක්.

ඇයගේ ආදරණීය මව විදෙස්ගත වෙලා. ඒ වගේම කිසිම ඥාති හිත මිත්‍රාදී කෙනෙක් ඇයගේ උදව්වට නැහැ. ඇය මේක ප්‍රසිද්ධියෙත් කියල තියෙනවා.ඉතින් ඒ වගේ අවස්ථාවක උපේක්ෂාගේ රූපගත කිරීම් සිද්ධවෙන අවස්ථාවන්වලදී පුළුවන් හැම වෙලාවකම දියණිය ඒ ස්ථානවලට අරගෙන යනවා.ඉතින් ඇය දියණිය ඒ ආකාරයෙන් රැකබලා ගන්න කරන කැප කිරීම පිළිබඳව කියල තිබ්බේ මේ විදිහේ කතාවක්


“ඉස්කෝලෙ වෙලාවල හැර රූගත කරන තැන්වල දුවව මම තියාගෙන ඉන්නවා. අපි විවාහයෙන් වෙන් වෙලා හිටියත් දුව තාත්තට ආදරෙයි සහ තාත්තා දුවට ආදරෙයි. ඒ හින්දා මම දුවව තාත්තගේ ගෙදරට යවනවා. මගේ රූපගත කිරීම් අසාමාන්‍ය විදිහට වැඩි වුණොත් තමයි මම එහෙම යවන්නේ. දුව සහ තාත්තා කියන බැඳීම ඇති වෙන්න ඕනේ. ඒකත් මාසෙකට උපරිම දවස් 4ක් වගේ. ඉතුරු දවස් 26ම දුව ඉන්නේ මා එක්ක”


දියණිය වෙනුවෙන් මවක් විදිහට ඉටු කරන්න ඕනේ සියලුම යුතුකම් අකුරක් නෑර ඉටුකරන ඇයට තවත් බොහෝ කාලයක් දිරිය මවක් ලෙස කටයුතු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපෙත් ප්‍රාර්ථනා කරන්නෙමු.