අනුෂා දමයන්ති කියන්නේ ලංකාවෙ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සිනමාව කියන මේ අංශ දෙකටම දායකත්වය දක්වපු අතිශය දක්ෂ කලාකාරිනියක්.ඇය සම්බන්ධයෙන් කතා කරද්දි මේ වන විට චිත්‍රපට විස්සකට අධික ප්‍රමාණයකට ඇය රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා.

පසුගිය කාල සීමාවේදී ඇය විවාහ වුණා.විවාහ වුණාට පස්සේ වැඩි වශයෙන් නම් කලා කටයුතුත් එක්ක අපිට ඇයව දකින්න ලැබුනේ නැහැ. කෙසේ නමුත් රංගනය වගේම නර්තනය කියන මේ අංශ දෙකටම දක්ෂ ඇය මේ දෙකම එක හා සමානව කරගෙන යන්නත් හරි දක්ෂයි.

අනූෂා අද මේ ඉන්න තත්ත්වය ගැන කතාකරද්දි ඇයට ඒ තැනට එන්න උදව් උපකාර කරේ ඇයගේ ආදරණීය අම්මා සහ සහෝදරයා එවගේම අවුරුදු 14ක ආදරය වුණු ඇයගේ ආදරණීය සැමියයි.එදින සියලුම දෙනා එක්ක ඉතාමත් සතුටින් ජීවිතය ගතකරන අනූෂා මේ අලුත් අවුරුද්දේ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල් ඉෂ්ඨ සිද්ධ කරගන්නද කියලා අහපු අවස්ථාවකදී කියලා තිබ්බේ මේ වගේ සුන්දර කතාවක්

“මම විවාහ වෙලා  ගෙවන දෙවැනි අලුත් අවුරුද්ද මේ. ඉතින් මේ වසරේ අපි දෙන්නා සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම  මේ වසරේ මවක් වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. සෑම දෙයක්ම අපේ වුවමනාවට සිදුවෙන්නේ නැහැ. මේ සෑම දෙයක්ම ස්වභාවදහමට අනුවයි සිදුවන්නේ කියලා මම විශ්වාස කරන කෙනෙක්. මගේ ජීවිතයේ කිසිම කලබලයක් නැහැ. පිරුණු කෙනෙක් ලෙස සතුටින් ජීවිතය දෙස බලමින්, මගේ රංගන කටයුතුත් කරගෙන, අනෙක් සෑම දෙනාටම හැකි පමණින් උදවු උපකාර කරමින් ජීවත්වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම උදාවන නව වසර ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.”

ඉතින් ඇයගේ ඒ සිහින ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේමු.