නවක රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා ටෙලිනාට කීපයක් හරහාම ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත්ත ආදරණීය රංගන ශිල්පිනියක් තමයි ඩිලුෂි හංසිකා කියන්නේ.පසුගිය දවසක ඇය හැමෝගෙම සුබ පැතුම් මධ්‍යයේ අලුතෙන් ජීවිතය ආරම්භ කළා. ඒ කියන්නේ ඇය උතුම් විවාහ ජීවිතයට පා තැබුවා.

බොහෝ දෙනෙක් අහපු දෙයක් තමයි ඩිලුෂි ඇයි මේ තරම් ඉක්මනට ඒ වගේ තීරණයක් ගත්තෙ කියන දේ.ඒවගේම ඇය සැරසිලා හිටියේ ඉන්දියන් බයිඩ්කෙනෙක් විදිහට. කොහොම නමුත් බොහොම ලස්සනට මේ අවස්ථාවේදී ඇය සහ ඇයගේ පෙම්වතා සැලසිලා හිටියා.

ඒ වගේම ඇයට අවශ්‍ය වෙලා තියෙන්නේ පන්සලක විවාහ උත්සවයක් ගන්න සාමාන්‍යයෙන් කිව්වොත් ඉන්දියන් බෞද්ධ විවාහ උත්සවයක් ගන්න තමයි ඇයට වුවමනාව තිබිලා තියෙන්නේ.ඒ අවස්ථාව සඳහා ගංගාරාම පන්සල ඇය විසින් වෙන් කළා.


ඇයට ඇයගේ ආදරණීය ස්වාමියා සුරේන්න මුණගැහෙන්නේ ප්‍රසංගයක් බලන්න ගිහින්.ඒ අවස්ථාවේදී සැරෙන් සැරේ ඔහු ඇය දිහා බලලා තියෙනවා.ඒ වෙද්දිත් ඇය රඟපාන කෙනෙක් කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ.ඊට පස්සේ තමයි ඉතාමත් ඉක්මනින් දැන හැඳින ගැන ඔවුන් දෙදෙනා එක වහලක් යටට එන්න තීරණය කළේ.ඉතින් ඇය ඇයගේ විවාහය ගැන සහ ඒ ගත්ත තීරණය ගැන කිව්වේ මේ වගේ කතාවක්.


“අපේ විවාහය ලියාපදිංචිය දවස් හතෙන් තමයි සූදානම් කළේ.අපි නැකත් බලද්ද දෙසැම්බර් මාසෙ හොඳ නැකතක් තියෙනවා කියලා කිව්වා.මට ඕනි උනේ කොළඹ ගංගාරාමයේ විවාහය සිද්ධ කරන්න.අපි දෙන්නා මුණ ගැහුනේ ප්‍රසංගයක් බලන්න ගිහින්.එයා හරිම සාමාන්‍ය මනුස්සයෙක්”


ඒ වගේම ලබන අවුරුද්දේදී ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වෙන්නත් සූදානමින් ඉන්නවා. ඉතින් ඒ සියලුම වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම සාර්ථක කරගැනීමට හැකියාව ලැබේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.