කාවින්දයා දුල්ෂානි කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය පුරාවටම ජනප්‍රිය වෙච්චි රංගන ශිල්පිනියක්. ඇය ගැන කතා කරද්දි බොහෝ දෙනෙක් දන්නවා ඇය ලංකාව අතහැරලා මේ වෙද්දි පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියන්න.

මේ වෙද්දී කාවින්දයා ඕස්ට්‍රේලියාවට ගිහින් මාස කීපයක් විතර වෙනවා.ආදරණීය සැමියා සමග තමයි ඇය එහෙ ජීවත් වෙන්නේ.ඇය ගිය තාවකාලිකව ලංකාවේ කලා ක්ෂේත්‍රයට සමුදීලා.ඉතින් එහේ ගිහින් කාර්යබහුල ජීවිතයක්ද ගත කරන්නේ සැනසිලිදායක නිදහස් ජීවිතයක්ද ගත කරන්නේ කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“ ජීවිතේ හොඳයි. හස්බන්ඩ් ළඟ ඉන්න නිසා හොඳයි.ඒත් ලංකාවේ ගෙව්ව ජීවිතයට වඩා වෙනස්.ලංකාවේ සිටියදී රූගත කිරීම් වලට සහභාගි වෙමින් කාර්යබහුල වෙලා හිටියේ. ඉතින් නිතරම වැඩ රාජකාරිවල හිටපු මම දැන් ගෙදරට වෙලා ගෙදර වැඩ කරගෙන ඉන්න ගෘහණියක් බිරිඳක්.ඒ වෙනස ලොකුවට දැනෙනවා.සාමාන්‍ය බිරිඳක් වෙතින් කළ යුතු වැඩ ටික කරගෙන ඉන්නවා. ඒවා සාමාන්‍ය වැඩ කටයුතු. දවල් කාලය නිකරුනේ ගෙවන නිසා වත්ත ඉඩ තියෙන තැන්වල මම වවන්න පටන් ගත්තා. ඒවා තමයි ඉතින් කරන්නේ.ඒවා අරගෙන ගෙදර පොඩියට මිරිස් තක්කාලි එලවලු වගා කරන්න පටන් ගත්තා.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි කාවින්දයා ඕස්ට්‍රේලියාවේ වෙන කන ජීවිතය ගත කරන්නේ. ඉතින් ඇයට තවත් බොහෝ කාලයක් සතුටින් නිදහසේ ජීවත් වෙන්නට වාසනාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.