වේදිකාව පුංචි තිරය වගේම සිනමාව කියන මේ අංශ දෙකම නියෝජනය කරන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සුලෝචනා වීරසිංහ කියන්නේ.මේ දිනවල විකාශය වන ජය ප්‍රකාශ් ශිවගුරුන්වාදන් මහත්මයාගේ ඇතුල්වීම තහනම් ටෙලි නාට්‍යයේ සරෝජනී කියන චරිතය හරහා ඇය ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

ඇය සඳහන් කරන ආකාරයට ඇය නාට්‍ය ගොඩක් බාරගන්න කෙනෙක් නෙවෙයි.සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණවලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න ඇය නිතරම උත්සාහ කරනවා.එනිසා වෙන්න ඇති දක්ෂතම නිළියන් අතර ඇයත් කැපී පෙනෙන චරිතයක් වෙන්නේ

සාමාන්‍යයෙන් අතිශයින්ම දක්ෂ කලාකාරිනියක්. ඒ වගේම කලාව අවංකවම කරන කෙනෙක් කවදාවත් සම්මාන බලාපොරොත්තු තියාගෙන රඟපාන්නේ නැහැ.ඉතින් සුලෝචනත් ඒ ආකාරයෙන්ම කලාව ගැන හිතන කෙනෙක් ඉතින් ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“වේදිකාවේ වත්, පුංචි තිරයේ වත්, රිදීතිරයේ වත් මම සම්මාන වෙනුවෙන් රඟපෑවේ නැහැ. නමුත් ඒ තුනෙන්ම මේ වන විට මට සම්මාන ලැබිල තියෙනවා. මේ නාට්‍යය මොනයම් හෝ අංශයකට නිර්දේශ වෙනවා නම්, සම්මාන ලැබෙනවා නම් මට පෞද්ගලිකව නොලැබුණත් එයට සම්බන්ධ කෙනෙක් හැටියට මට ඒක ලොකු සතුටක්.”

ඇය කලාව ගැන කිව්වේ ඒ වගේ කතාවක්.ඉතින් ඇයගේ ඉදිරි වැඩ කටයුතු දිනෙන් දෙනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.