කලා ලෝකය තුළ ආදරණීය රංගන ශිල්පියෙක් වන ඒවගේම තමන්ගේ පවුලටත් පන වගේ ආදරේ කරන කලාකරුවෙක් තමයි අකිල දනුද්දර කියන්නේ. අකිල ගැන කතා කරද්දි ඔහු මේ සියලුම අංශවල කැපී පෙනෙන දක්ෂතා පෙන්නපු කලාකරුවෙක්.එනිසාම සිනමාව තුළ ඔහුම ගොඩනගා ගත්තු අනන්‍යතාවයක් තියෙනවා.

ඉතින් ආදරණීය පියා වන ජැක්සන් ඇන්තනීගේ වියෝවෙන් පස්සේ අඛිල ටිකක් අපහසු කාල වකවානුවක් තමයි ගත කළේ. නමුත් ඔහුට දෙවැනි වතාවටත් උතුම් පිය පදවිය ලබන්න වරම් ලැබුණු නිසා ජීවිතේ අනාගත බලාපොරොත්තුවක් තිබුණා.

ඇත්තටම එමිට මේ පාර හම්බවෙන්න ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියන දේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් හොයන්න පටන් ගත්තා.ඉතින් බොහෝම සුළුවෙන් ඒ සඳහා ඔවුන් උත්සවයක් සංවිධානය කරලා හම්බවෙන්න ඉන්න දුවෙක්ද පුතෙක්ද කියන දේ පළමු වතාවට අනාවරණය කළා.අකිල ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එකතු කරමින් සඳහන් කරලා තිබුණේ මේ පාර ඔවුන්ගේ කැදැල්ලට ආදරණීය පුතෙක් එකතු වෙනවා කියන සුභ පණිවිඩයයි.

ඉතින් ඒ බලාපොරොත්තුවක් සමගම ඔවුන්ගේ ඉදිරි ජීවිත දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපේ හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.