ඇයටම හුරු හැඩරුව නිසාම බොහොමයක් අවස්ථාවන්වලදී ඇය නිරූපණය කළේ ගැමි චරිත.කොහොම නමුත් තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට රංගනයෙන් නර්තනයෙන් කියන මේ අංශ දෙකෙන්ම සාධාරණයක් ඉෂ්ට කරන මේ සුන්දර කලාකාරිනිය  කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන මේනකා පීරිස්.

මේනකා ගැන කතා කරද්දී මොනරතැන්න ටෙලි නිර්මාණය හරහා තමයි ඇය මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඉන් අනතුරුව ඇයට හොඳම නිළිය සම්මානය හිමිවෙනවා.ඒ සම්මානත් එක්ක ආ ගමන් මග තුළ එක්තරා අවස්ථාවකදී ඇය කලාවෙන් චුට්ටක් ඈත් වෙනවා.ඒ ඇයගේ පෞද්ගලික ජීවිතය යම් යම් ගැටලුකාරී අවස්ථාවන් නිසයි.


කෙසේ නමුත් මේ වෙද්දී විවාහ වෙලා ආදරණීය පුතෙකුගේ මවක් වෙච්චි මේ රටා ඒ අත්දැකීමත් එක්ක ඉතාමත් සුන්දර නිදහස් ජීවිතයක් ගත කරනවා.නමුත් ඇය තාමත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා නැහැ.හේතු ඇයගේ ආදරණීය පුතා තාමත් පුංචි නිසා.දරුවා පුංචිම කාලෙ වුණත් මේනකා පුතාට තියෙන ආදරේ නිසාම පුතාගේ වැඩ කිසි කෙනෙක්ට කරන්න දීලා නැහැ.ඉතින් ඒ සම්බන්ධයෙන් ඇය අදහස් ඉදිරිපත් කරලා තිබුණේ මේ විදිහටයි.


“බබා ලැබුණේ සිසේරියන් සැත්කමකින්. මුලදි වැඩ කරන්න අමාරු වුණා. රෝහලෙන් පිටවුණාට පස්සේ ගියේ මහත්තයාගේ ගෙදර. ඒ ගිය දවසේ ඉදලා මම දරුවගේ නැෆ්කින් එකක්වත් හෝදන්න දුන්නෙ නැහැ. මගේ අම්මා වගේම මහත්තයාගේ අම්මත් මට හරියට උදව් කරනවා. එයාලා බණිනවා පැත්තකට වෙන්න ඒ වැඩ කරන්නම් කියලා. ඒත් මම හරිම ආසාවෙන් දරුවගේ සියලු වැඩ කරනවා. පුතා නිදි වෙලාවට කිසිම සද්දයක් ඇහෙන්නවත් දෙන්නේ නෑ. මගේ යාළුවෙක් මට ළඟදි කිව්වා මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා මේනකා කොහොමද ඔය දරුවව ඔහොම හදන්නෙ කියලා. එයත් පුදුම වෙනවා. මට බණිනවා. හේතුව මම දරුවා වෙනුවෙන් ම ඉන්නවා කියලා. දැන් මගේ ජීවිතේම පුතා. එයාව සතුටින් තියන්න මම හැම දෙයක් ම කරනවා. අනිත් එක මේ හුරතල් කාලේ අපිට ආයේ බලන්න නැහැ. ඒ වගේම පුංචි කාලේ නිතරම අම්මා දරුවා ළඟ ඉන්නවා නම් ඒක වටිනවා කියලා මම හිතනවා.”


ඉතින් ඔවුන්ගේ ජීවිත තව තවත් සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.