වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය සුරූපිනියක්. මේ සුරූපී බව නිසාම ඇයගේ දක්ෂතාවයත් එක්ක ලංකාවෙන් ඔබ්බට ඒ කියන්නේ ඉන්දියාවට ගිහින් රඟපාන්නත් ඇයට වරම් හිමි වුණා. මෙරට ටෙලි නාට්‍ය කර්මාන්තයේ සිට සිනමාව දක්වා එයින් ඔබ්බට බොලිවුඩය දක්වාත් ගමන් කළ මේ රංගන ශිල්පිනිය ඔබ අප කවුරුත් දන්නා රශි ප්‍රභාසන්ධිපනී.

ඇයට භාෂා කීපයක්ම ඉතාමත් පහසුවෙන් හසුරන්නට හැකියාව තියෙනවා තියෙනවා. විශේෂයෙන් හින්දි ඒ නිසාම තමයි ඉන්දියාවත් එක්ක එකතු වෙලා ඇයගේ දක්ෂතාවයන් එක්ක මේ ගමන යන්න ඇයට අවස්ථාව උදා වුණේ.

ඇය ඉන්දියානු නිර්මාණයත් සමග සම්බන්ධ වෙන්නේ 2022 වර්ෂයේදී.එයින් අනතුරුව නැවත වතාවක් ඇයට ඉන්දියාවේ චිත්‍රපටයක ගීතයකට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණා

රඟපානවා වගේම ඇයට දක්ෂ විදිහට නටන්නත් පුළුවන්  එකී මෙකී නොකී මේ දක්ෂතාවයන් එක්ක අද වෙද්දි ඇය කලාව තුළ ස්ථාවරත්වයක් හදාගෙන. ඇය බොහොම ලස්සන රංගන ශිල්පිනියක් නිසා ගොඩක් දෙන කෑව ඉන්දියාවේ රංගන ශිල්පිනියන්ට සමාන කරනවා. ඒ ගැන රශි ප්‍රභා කිව්වේ මේ වගේ කතාවක්.


“සමහර අය මම දීපිකා වගේ කියනවා. තවත් පිරිසක් කියනවා මම ශිල්පා ශෙට්ටි වගේ පේනවා කියලා. මෘනාල් තාකූර් වගේ පේනවා කියලත් පිරිසක් කියනවා. ඉතිං එක එක්කෙනාට එක එක වගේ පේනවා. ඇත්තටම ඉතිං ඒ වගේ ඉතා සුරූපී දක්ෂ නිළියක්  වගේ කියනකොටත් සතුටුයි ඉතිං. සමහර විට එහෙම කියන්නේ මූණේ හැඩය සහ ඩිම්පල් එක නිසා වෙන්නත් ඇති. නමුත් මම කැමැති මටම අන්‍යන්‍යතාවක් හදාගන්න. මම කැමති තව කෙනෙක්ට එයා රශිප්‍රබා වගේ කියනවා නම්. නමුත් ඉතිං ඒ ලැබෙන ප්‍රතිචාර ගැනත් සතුටු වෙනවා. ලස්සන දකින විධිය එකිනෙකාට වෙනස්. ඒ නිසා වෙන්න ඇති සමහර අයට මාව වෙන අය වගේ පේන්නේ.


ඉතින් ඇයට ඉදිරියටත් හොඳම දෙයක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු