ලා ලෝකය තුළ නර්තනයට ගායනයට රංගනයට එකසේ දක්ෂතාවයක් දක්වන දක්ෂ කලා ශිල්පියෙක් තමයි සජිත අනුත්තර.සිනමාව හරහා කලා ලෝකයට පා තබන සජිත තමන්ගේ ආදරණීය පියා වන ජැක්සන් ඇන්තනීගේ අඩි පාරේ යමින් තමයි කලාවට අවතීර්ණ වුණේ.

එදා ඉඳන් අද දක්වාම විවිධ සිනමා නිර්මාණ ඒවගේම විවිධ ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඔහු පසුගිය කාලසීමාවේදී වැඩි වශයෙන් බොහෝ දෙනෙක් ආකර්ෂණය කරගත් නිර්මාණයක් වුණු නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය ප්‍රධාන චරිතයක් නිරූපණය කළා.


ඒ වගේම ඔහු නිතරම විදෙස්ගත වෙලා විදෙස් සංගීත ප්‍රසංගත් එක්ක සහභාගි වෙන කලාකරුවේ.ඉතින් සජිත විවාහ වෙලා ආදරණීය පුතෙකුගේ පියෙක් වෙන්නත් වාසනාව ලැබුවා.ඒ නිසාම පුතා එක්ක ගෙවන ජීවිතය වෙනදටත් වඩා ඔහුට ලොකු අලුත් අත්දැකීමක්. ඒ සම්බන්ධයෙන් සජිත කිව්වේ මේ වගේ කතාවක්.


“මායි බුවී ආදරය කරපු කාලේ මවපු සිහින ලෝකයට අපි පියනගා දැන් ඒ සිහින ලෝකෙ ටික ටික ගොඩනැගෙන්න දරුවා එක්ක. පුතා ලැබෙන්න කලින් හිටිය වගේම තවමත් සැහැල්ලුවෙන් ආදරෙන් ඉන්න උත්සාහ කරනවා ඒ සැහැල්ලු ජීවිතයට පුතා එකතු වුණාට ඒක බරක් කියල දැනුනේ නෑ.පවුලේ බාලයා විදිහට දැම්මම අප්පච්චි කෙනෙකුත් වෙලා කියන දේ දැනෙද්දී හිතාගන්නත් අමාරුයි වගේ”


ඉතින් අලුත් ජීවිතේ ගැන ඔය විදිහට තමයි සජිත අදහස් හුවමාරු කරගෙන තිබුණේ. ඉතින් ඔහුගේ ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනායක කරන්නෙමු.