කලා ලෝකය තුළ සෑම අවස්ථාවකදීම අලුත් අලුත් සිදුවීම් සිද්ධ වෙනවා.මේ සිදුවීම් තවත් පුද්ගලයෙකුගේ හිත රිදෙන සිදුවීම් බවට පත් වෙද්දී තවත් බොහෝ දෙනෙක් මේ පෙළබදව අවධානයෙන් ඉන්නවා.කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ නව යෞවන නියෝජනය කරමින් ගී පද රචකයෙක් විදිහට කරළියට ආපු කලාකරුවෙක්.

පසුගිය දවසක ඔහු සහ අභිෂේකා විමල වීර කියන ගායිකාව අතර යම්කිසි ආරවුලක් ඇතිවුණා.ඒ අභිෂේකගේ භූමියට පණ තියෙනවා කියන ගීතය නිර්මාණය කෙරූ සමස්ත කණ්ඩායමටම හිමියෝ සම්මානයක් අභිෂේකා විසින් තනියම ලබාගත් නිසයි.

ඇත්තටම මේ ගීතයට සංකල්පය සාදා තිර පිටපත නිර්මාණය කර සම නිෂ්පාදනයෙන් දායකත්වය දැක්වේ කසුන් මහේන්ද්‍ර හීනටිගල.නමුත් සම්මානය ලබා ගන්න අවස්ථාවේදී අභිෂේකා විසින් ඔහු පිළිබඳව සඳහනක් කළේ නැහැ.එනිසාම ඇය ගැන කසුන් සමාජ මාධ්‍ය ගිණුමට දිග සටහනක් එකතු කරලා තිබුණා.කෙසේ නමුත් ඇත්තටම මේ සිදුවීමෙන් පස්සේ අභිෂේකත් එක්ක තරහක් තියෙනවද මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔයා දක්වන්නේ මොන වගේ අදහසක්ද කියලා අහපු අවස්ථාවකදී කසුන් කියලා තිබුණේ මේ වගේ කතාවක්.

“මේ ගීතයේ ඕඩියෝ ට්‍රැක් එකත් අරං මාව සොයාගෙන ආවෙත් ඇයමයි. ඒ වගේම අතේ සල්ලි නෑ මියුසික් වීඩියෝව කරන්න ඒකට නිෂ්පාදකයෙක් හොයාගන්න ඕනිත් කිවුවෙ ඇයමයි. එතකොට මා එක්ක නිර්මාණයක් කරන්න ආසාවෙන් හිටපු මාත් එක්ක නීති පීඨයේ එකට අධ්‍යාපනය ලබපු දැනට විදේශගතව සිටින ‘නිපුනි අමරසිංහ’ නම් මගේ මිතුරියට මං මේ යෝජනාව කරනවා. ඈ තනිකරම මාව විශ්වාස කරලා මෙය නිෂ්පාදනය කරන්න කැමති වෙනවා. මේ මියුසික් වීඩියෝව විශාල මුදලක් යොදවපු වැඩක්. ඒ නිසා මෙහි සම නිෂ්පාදනය වෙනුවෙන් මුදල් වියදම් කෙරුවෙ මං.

අදාළ සම්මාන උලෙළේ අපේ මේ ගීතය වෙනුවෙන් සම්මානයක් ලැබෙන බව මට මුලින්ම දැනුම් දුන්නෙ අභිෂේකාමයි. ඇයට එය අදාළ චැනලයේ හිතවත්කමකින් දැනගන්න ලැබුණු බව පැවසුවා. මට හිතාගන්න බෑ සම්මානයක් අපේ ගීතයට ලැබෙන බව අපිටත් කියපු, හැමෝටම කලින් ඒ ගැන දැනන් හිටපු අභිෂේකා ඇයි ඒක ලැබුණම කලබල වුණේ, කන්ෆියුස් වුණේ කියලා. ඇය මේ සියල්ල කලින් දැනගෙන කතාවක් සූදානම්වයි පැමිණ තිබුණෙ. කණ්ඩායමට සම්මානය හිමිවූ වෙලාවෙ අදාළ ගායිකාව වේදිකාව උඩ හැසිරුණේ මේ සියල්ල ඇය තනිවම කළා වගේ හැඟීමකින්.”

කෙසේ නමුත් අවසානයේදීත් ඔහු සඳහන් කළේ ඇය එක්ක ඔහුට කිසිම තරහක් නෑ කියලයි.