ගීත ලෝකය තුළ ගීත කෝකිලාවිය කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මේ සුන්දර ගායිකාව ප්‍රවීණ ගායන ශිල්පී ලතා වල්පොල මහත්මියයි.ඇය මේ වෙද්දී ජීවිතයේ සැබෑ සමය ඉතාමත් සතුටින් නිදහසේ ගත කරන ආදරණීය කලාකාරිනියක්.

ගල්කිස්ස ශාන්ත අන්තෝනි කන්නාරාමයෙන් අකුරු කරපු ඇය පුංචිකාලෙ ඉඳලම නටන්න ගයන්න තමයි වැඩිපුරම උනන්දුවක් දක්වලා තියෙන්නේ.ඇයගේ ආදරණීය අම්මයි තාත්තයි සංගීතයට බොහොම ලැදි යුවලක්. ඒ නිසා මේ ආභාෂයත් ඇයට එන්න ඇති.

පාසලේ බොහොමයක් පාසාංගික කලා වැඩ කටයුතුත් එක්ක සහසම්බන්ධ වෙලා වැඩ කරපු ලතා වල්පොල මහත්මියට එක්තරා අවස්ථාවකදී සුජාතා චිත්‍රපටයේ ගීතයක් පටිගත කරන්න අවස්ථාව උදාවුණා.ඉතින් මේකට ඇයට යන්න සිද්ධ වුණේ ඉන්දියාවට.හැබැයි ඉන්දියාවට යනවට ඇයගේ තාත්තා පොඩ්ඩක්වත් කැමතියි වෙලා හිටියේ නැහැ.ඒ අතීතය ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“සුජාතා චිත්‍රපටයේ ගීත පටිගත කරන්නේ යොදාගෙන තිබුණේ ඉන්දියාවේ. ගායනයට මාව තෝරගත්තු නිසා මටත් ඉන්දියාවට යන්න වෙනවා තාත්තා ඒකට කොහොමටවත් කැමති වුණේ නෑ.එය විරෝධය අතර ගමන නතර වුණා දෙවැනි වතාවටත් වෙනත් චිත්‍රපටයක ගීත ගායනා කරන්න ඉන්දියාවට යන අවස්ථාව ලැබුණා. ඒ සඳහා අම්මා මාවත් ලෑස්ති කරගෙන තාත්තට හොරෙන් අයියවත් දාලා ඉන්දියාවට ගියා.

මොකද අම්මා දැනගෙන හිටියා මට ගායනය  ලංකාවට එද්දී තාත්තා හැමදේම විනාශ කරලා මගේ ෆොටෝ ඇඳුම් ගිනි තියලා ගෙවල් පාළු කරලා අක්කයි අයියයි අරන් කොහෙදෝ ගිහින්.එතකොට අපේ පවුල දෙකඩ වුණා. පස්සේ කාලෙදි අයියයි අක්කයි මායි අම්මයි එක්ක එකට ඉන්නවා. තාත්තගේ කේන්තිය වයසට යනකම් ඉවරයක් වුණේ නෑ. එහෙම වුනත් අන්තිම කාලේ මම තාත්තව මගේ ළඟට අරන් හොඳට සැලකුවා”

ඔන්න ඔය විදිහට තමයි එතුමිය තමන්ගේ ජීවිතේ මුහුණ දීපු අතීත සිදුවීමක් පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.