නුවන් ගුණවර්ධන කියන ඒ විශිෂ්ට ගායන ශිල්පියාගේ ආදරණීය පුතා විදිහට කරළියට එන මේ සුන්දර ගායකයා තමයි ගයාන් ගුණවර්ධන කියන්නේ.ඔහු ගායකයෙක් වුණත් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණේ අතිශයින් දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට.


  2017 වර්ෂයේදී තමයි ඔහු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ.ඒ දේවල් එක්ක ක්ෂේත්‍රය තුළ තමන්ගෙම කියලා නමක් හදාගෙන ඉන්න කාලයකදී ගයාන්ගේ ආදරණීය තාත්තා හදිසියේම ඔවුන් අතරින් සමුගත්තා.ඉතින් මේ වියෝව පුතෙක් විදිහට ගයාන්ටත් බිරිඳක් විදියට ගයාන්ගේ අම්මටත් දරාගන්න අපහසුයි.ඒ ගැන ගයාන් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.


“පැහැදිලිවම කිව්වොත් තාත්තා නැතිවුන එකේ අඩුව සීයට සීයක්ම දැනුනේ අම්මට.ඔවුන්ගේ විවාහ දිවියට අවුරුදු හතළිහක් විතර ඇති. ඒ වසර 40 පුරාවටම තාත්තාගේ හොඳම යාළුවා අම්මා. අම්මගේ හොඳම යාළුවා තාත්තා උන නිසා ඒ බැඳීම හරිම පුදුමාකාරයි.


මේ වෙනකොට අම්මා මාර තනිවීමකින් ඉන්න බව අපි දන්නවා. අක්කත් ඩුබායි වල කළ රැකියාව නවත්තලා ලංකාවේ ඉන්න තීරණය කළේ අම්මට දැනෙන පාළුව අඩු කරන්න ඕන නිසා. අම්මව බලාගන්න ඕන නිසා. අදටත් අපේ අම්මා උදේ පාන්දර නැගිටලා තාත්තා ගායනා කළ සිංදු අහනවා. මම දැකලා තියෙනවා පින්තූරයක් දිහා බලාගෙන අඬනවා. කතා කරනවා මට ඇහිලා තියෙනව දැනටත් තාත්තගේ කටහඬ එහෙද්දි මගේ පපුව පවා නවතින ගතියක් මට දැනෙනවා.”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගයාන් තමන්ගේ ආදරණීය තාත්තගෙ වියෝව පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.