කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණය කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන ඒවගේම විශාල රසික ආදරයක් දිනා ගත්ත ටෙලි නිර්මාණයක්.මේ කතාව පුරාවටම මෙතෙක් කාලයක් ප්‍රධාන චරිතයක් නිරූපණය කරපු ආකර්ෂණීය රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියන්නේ.

සචින් බොහෝ දෙනෙක් දන්න කෙනා රංගන ශිල්පියෙක් බවට පත් වුණෙත් කියාදෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණය හරහා.හැබැයි මේ දවස්වල නම් ඔහු මේ ටෙලි නිර්මාණය නැහැ.ටෙලි නාට්‍ය තවමත් විකාශය වුණත් සචින් නිරූපණය කෙරු නිර්වාන් කියන චරිතයෙන් ඔහු සමු අරගෙන තියෙනවා.

මේ වේද්දි ඒ චරිතයට ඉන්නේ අලුත් රංගන ශිල්පියෙක්. ඒ වගේම මේ ටෙලි නිර්මාණය තවත් ප්‍රධාන චරිතයක් කළා  ශලණි තාරුකා.ඇයත් මේ වෙද්දි මේ නිර්මාණයෙන් අයින් වෙලා ඉන්නේ. ඇත්තටම සචින් මේ ටෙලි නිර්මාණයෙන් අයින් වුනේ ඇයි කියලා අහපු අවස්ථාවකදී එක්තරා පුවත්පතක් සමග සම්බන්ධ වෙලා ඒ ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“සාමාන්‍යයෙන් නිර්මාණයක් බාර ගනිද්දී ඇග්රිමන්ට් එකක් සයින් කරනවා.හැබැයි මම එහෙම කරන්නේ නැති කෙනෙක්.ඒකත් එක්ක නළුවට අයිතියක් තියෙනවා තමන් කරන චරිතෙන් තමන්ට හානියක් වෙනවනම් එතනින් අයින් වෙන්න.එනිසා එයාලට මම අවුරුදු එක හමාරක් තිස්සේ ඉඳලා කිව්වා මම අයින් වෙනවා කියලා.

මොකද ගොඩක් ප්‍රේක්ෂකයෝ දකින්න ඇති නිර්වාණ කියන චරිතය පුටුවෙන් ඇඳටයි ඇඳෙන් පුටුවටයි මාරු වෙවී ඉන්නවා.මම හිතන්නෙ ප්‍රධාන චරිතයක් කියන්නේ ප්‍රධාන දේවල් කරන එක.මට හිතුණා නිර්වාණ කියන චරිතය මෙතනදී ප්‍රධාන දේවල් කරන්නැතුව අනිත් හැමදේම කරා කියලා.ඒ නිසා මම හිතුවා ඒ නිර්මාණයට මගෙන් වැඩක් නැති නිසා ඉවත් වෙන්න.ඒගොල්ලන්ට නිර්වාන්ගෙ චරිතයට හොඳ ලස්සන අවසානයකුත් ෂූට් කරන්න ඉඩ දීලා තමයි මම ඉවත් වුණේ.නමුත් ඒ අය අවසාන කොටස් පෙන්නුවේ නෑ.මට කියන්නෙත් නැතුව තමයි ඒ චරිතෙට වෙනත් කෙනෙක් අරගෙන තිබුණේ”

ඉතින් සචින් ඔන්න ඔය විදිහට තමයි මේ ටෙලි නිර්මාණයෙන් ඔහු ඈත් වුණු විදිහ පිළිබඳව අදහස් දක්වලා තිබුණේ