නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය හරහා පොඩ්ඩි කියන චරිතය තුළින් රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය අද වෙද්දී ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහට විශාල දුරක් ඇවිල්ලා.ඇත්තටම මේ වෙද්දි ඇයට තමන්ගේ කුළුඳුල් ටෙලි නිර්මාණයෙන්ම ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත්තු නිසා  විශාල දුරක් යන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

ඇය සදහන් කරන ආකාරයට නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය කියන්නේ ඇගේ වාසනාවකට හරි පිනකට හරි ලැබුණු දෙයක්.හේතුව මේ ටෙලි නිර්මාණය නිසා තමයි ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ඇයව හඳුනාගන්නේ.ඒ වගේම ඇය වේදිකා නාට්‍ය කීපයකත් පුහුණුවීම් කරගෙන යනවා.ඇය සඳහන් කරන ආකාරයට ඇයගේ සීමාව තුළ ඉඳගෙන ඇයට ලැබෙන හැම චරිතයක්ම සාර්ථකව කරන්න ඇය උත්සාහ ගන්නවා.

ඒවගේම පුළුවන් කාලයක් වෙනකම් ඇය රංගන ක්ෂේත්‍රයත් එක්ක ඉන්නවා. ඇය සඳහන් කරන ආකාරයට ඇය මේ ක්ෂේත්‍රයට විශාල කැමැත්තක් ආසාවක් දක්වනවා.ඉතින් සාමාන්‍යයෙන් කලාවට එනවා කිව්වහම ගෙදර බොහෝ දෙනෙක් අකමැති වෙනවා.ඉතින් ඇයත් කලාවට එන්න ඕනි කිව්වහම අම්මයි තාත්තයි මොකද කිව්වේ කියලා අහපුහාම ඇය කිව්වේ මේ වගේ කතාවක්.


“ඔව්. ඇත්තටම අම්මගේ බල කිරීමට තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ. මම හිතෙනවා, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවට වරදක් කරන්නේ නැහැ සහ ඒ කරන කියන දේවල් හරි යනවා අපේ ජීවිතවල. ඉතිං මම හිතනවා මට හොඳ තීරණයක් ගන්න අම්මා, තාත්තා දෙන්නම ශක්තියක් වුණා කියලා. ගෙදරින් එහෙම කිසිම අකැමැත්තක් නැහැ.”


ඉතින් දෙමව්පිය ආශිර්වාදය ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔස්සේ කලාව තුළින් ඉහළටම යන්න අයට ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපිත් එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.