මීනා ප්‍රසාදිනී කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් ගායන ලෝකය තුළ ප්‍රසිද්ධ ලස්සන කටහඬකට උරුමකම් කියන රිදී සීනුවක් කිව්වොත් හරියටම හරි.පසුගිය කාල සීමාවේදී නම් අපිට ඇයව නිතරම දැක බලා ගන්න අවස්ථාවක් උදා වුණේ නැහැ.

ඒකට හේතුව ඇය පෞද්ගලික ජීවිතය විඳින්න ඕනි නිසාම කාලයත් එක්ක ටිකක් නිහඬ ජීවිතයක් ගත කළ නිසා වෙන්න ඇති.ඇය ගැන කතා කරද්දි ඇය ගායනයෙනුත් ඈත් වෙලා පවුල් ජීවිතය ගත කිරීමේ මූලිකම අරමුණ වුණේ ලස්සන පුංචි පවුලක් වෙනුවෙන් බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නයි.

ඉතින් ඒ විදිහට අනාගතය ගැන හිටපු ඇයට අද වෙද්දී වෙද්දී උතුම් මව් පදවිය ලබන්න අවස්ථාව උදාවෙලා.ඇය විවාහ වෙලා ඒ කැදැල්ලට පුංචි අමුත්තෙක් එනකම් මග බලාගෙන ඉන්න ඇති. මේ වෙද්දි නම් ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා. ඉතින් ඒ සුබ ආරංචිය ගැන ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරන්නත් අමතක කරේ නැහැ.

අපිත් ඇයට නීරෝගිමත් දරු උපතක් සිදු කිරීමට වාසනාව ලැබේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.