මිහිරි කටහඬකට උරුමකම් කියන ක්ෂේත්‍රය තුළ ඉන්න අතිශයින්ම දක්ෂ ගායිකාවක් තමයි සමිතා එරන්දති මුදුන් කොටුව කියන්නේ.ඇය සම්බන්ධයෙන් කතා කරද්දී පෞද්ගලික ජීවිතය තුළදී නොයෙකුත් හැල හැප්පීම්වලට මුහුණ දීපු සමිතා  සුන්දර ආදරයක් සමඟ ලස්සන ජීවිතයක් ගත කරනවා.

ඇය මේ වෙද්දි විවාහ වෙලා ඉන්නේ චිරන්ත නැමැති තරුණයෙක් සමග. චිරන්ත ඇයට වඩා වයසින් බොහෝ ළාබාල තරුණයෙක් වුණත් ඔවුන් දෙදෙනා හරිම සතුටින් මේ ජීවිතය ගත කරනවා.බොහෝ දෙනෙක් ඔවුන්ගේ හමුවීම පිළිබඳව නොයෙකුත් කට කතා නිර්මාණය කරද්දී  චිරන්ත පළමු වතාවට කිව්වේ මේ වගේ කතාවක්.

"සමිතා මට කෝල් එකක් ගත්තා.පළවෙනි කෝල් එක.මම හිතුවේ ෆේක් කෝල් එකක් කියලා.මම හිතුවේ මාව බයිට් කරන්න හදනවා කියලා.කටහඬින් අඳුර ගන්න එයා කතා කරයි කියලා හිතන්න බැහැ.මමත් ගමක ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්.ඉතින් මට කෝල් එකක් එයි කියලා හිතන්න බැහැ.ඔහොම යද්දි කතා කළා මුලින්ම ලව් සීන් මුකුත් නැහැ.මුලින්ම කතා කරලා මගේ වීඩියෝ එක ලස්සනයි කිව්වා. මම ඉතින් ගෙදරටත් කිව්වා මෙහෙම අහවල් එක්කෙනා කතා කරා කියලා.එයා ද දන්නෑ ෂුවර් නෑ කියලා.ඊට පස්සේ මම සමිතාට සිංදුවක් කියලා එවන්න කිව්වා.කියලා එව්වා.ඊට පස්සේ මට මාර හැපි පිස්සු වගේ. ඒ වෙද්දි මගේ වෙන ගෑණු ලමයින්ගේ ප්රශ්න තිබ්බෙත් නැහැ.ඔක්කොම clear.පස්සෙ කතාවෙන් කතාවෙන් කොහොම හරි සෙට් වුනා"


චිරන්ත ඔන්න ඔය විදිහට තමයි ඒ ආදර කතාව පටන් ගත්තු විදිහ ගැන කියලා තිබුනේ.