සමිතා මුදුන්කොටුව කියන්නේ මේ දවස් වල වැඩි වශයෙන් කතාබහට ලක්වෙන ආදරණීය ගායිකාවක්.සමිතා අතුල කියන ඒ සුන්දර සුසංයෝගයට පස්සේ සමිතා චිරත්න කියලත් බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා.ඇත්තටම චිරන්ත කියන චරිතය සමිතාගේ ජිවිතයට එන්නේ මෑත කාලයේදී.අතුල අධිකාරි සමිතාගෙන් වෙන් උනාට පස්සේ සමිතා ටික කාලයක් තනිකඩව ජීවත් වුණා. ඊට පස්සේ ඇයට මුණ ගැසෙනවා ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ හරි අපූරුවට වීඩියෝ නිර්මාණය කරන තරුණයෙක්.මේ තරුණයාගේ නැටුමකට වශයෙන් වන සමිතා ඔහුට ආදරය කරන්න පටන් ගත්තා.

මේ කතාව කවුරුත් දන්න කතාවක් ඒ වගේම සමාජය තුළ මේ ආදරනීය කතාව ප්‍රචාරය වුණේ සමිතා අවුරුදු ගණනාවක් ලාබාල තරුණයකු සමග විවාහ ජීවිතයට පා තැබුවා කියන  කට කතාවක් නිර්මාණය වෙමින්.කොහොම නමුත් අද වන විට  මේ දෙදෙනාම බොහොම සතුටෙන් ජීවිතේ ජීවිත ගත කරනවා. නමුත් සුපුරුදු පරිදි චිරත්න නම්  tik tok සමාජ මාධ්‍ය තුළ දකින්නට නැහැ. ඒ ඇයි කියලා අහපු අවස්ථාවකදී ඔහු ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන්නේ මේ විදිහටයි.

"ඇත්තටම මේ කාලේදී නම් වෙලාවක් නැහැ.සමිතගේ තාත්තා අසනීපෙන්.ඒ වැඩ කොටස මම කරන්න ඕනේ.වෙන කවුරුත් කරත් මට හරියන් නැහැ.ගොඩක් අසනීප තත්වෙක ඉන්න නිසා ඒක කරන්නම ඕනි.මම එතන බලනවා.මට ගෙදර වැඩත් තියෙනවා.වෙලාවකට උයනවා"

ඉතින් චිරන්ත ඔහුගේ අලුත් ජීවිතේ ගැන කියලා තිබුණේ ඔන්න ඔය විදිහේ කතාවක්.ඉතින් ඔවුන් දෙදෙනාගේම ජීවිත  තව තවත් දියුණු වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.