වයිලීන වාදනයක් ඇසෙද්දී නිරන්තරයෙන්ම අපිට මතක් වෙන රූපයක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ හරිම ලස්සනට වයිලීන වාදනය කරන වයිලීන ශිල්පියෙක් තමයි  දිනේෂ් සුභසිංහ කියන්නේ.ඉතින් ඔහු නැති ප්‍රාසාංගික ප්‍රසංගයක් නොමැති තරම් ඒ තරම් වැඩසටහන් රැසකට දිනේෂ් තමන්ගේ අපූරු හැකියාව මුසුකරා.

ඔහු ගැන කතා කරද්දි ඔහු කලා ක්‍ෂේත්‍රයට ආධුනික පුද්ගලයෙක් නෙවෙයි ඔහුගේ ඥාති පරපුරත් වේවිද කලා අංශවලට නෑකම් කියන පුද්ගල කොට්ඨාසයක්.ඒ කියන්නේ දෙන ස්පසුගිය කාල සීමාවේදී විවාහ වුණා. මේ වෙද්දී විවාහ ජීවිතයත් එක්ක සංගීත ජීවිතයත් ගත කරන ඔහු මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳව කිව්වේ මේ වගේ කතාවක්.

“මම උසස් පෙළ හදාරන කාලේ ගුවන්විදුලි සංස්ථාවේ වයලීන වාද්‍ය ශිල්පි අශෝක ජයවර්ධනයන් ළඟට වයලීන වාදනය ඉගෙන ගන්න ගියා. එතුමාට හදිසියේ පන්ති වෙලාවෙදි එළියට යන්න සිද්ධ වුණාම පුංචි ගෑනු ළමයෙක් මට වයලීන වාදනය ඉගැන්නුවා. ඇය අද අතිශය ජනප්‍රිය වයලීන වාද්‍ය ශිල්පිනියක් වන අශෝක ජයවර්ධනයන්ගේ දියණිය වන තුෂාණි ජයවර්ධන යි. ඇය පුංචි කාලේ ඉඳලා ම වයලීන වාදනයට දක්ෂතා දැක්වූවා. ඇය ඉගැන්වීමට දක්ෂ වුණා වගේ ම ඇය පුංචි ළමයෙක්නේ කියලා මම ඇයගෙන් වාදනය ඉගෙනීම ප්‍රතික්ෂේප නොකර හොඳින් ඉගෙන ගත්තා. තව අවස්ථාවක ඉන්දියාවේ පදික වේදිකාවක ඉතා සරලව නිර්මාණය කර ‘රාවණ හත්ත’ යැයි කියමින් අලෙවි කළ වාදන භාණ්ඩයක් අරගෙන ඒ පදික වේදිකාවේම වාඩිවෙලා පදික ‍වෙළෙන්දාගෙන්ම ඒක වයන හැටි මම ඉගෙන ගත්තා. ලංකාවට ඇවිත් ඒ වාද්‍ය භාණ්ඩය වැඩිදියුණු කළා. මට යමක් ඉගෙන ගන්න අවශ්‍ය නම් කාගෙන් වුණත් මම ඒ දේ ඉතා හොඳින් ඉගෙන ගත්තා. කැපවීමෙන් පුහුණුවීම් කරනවා. දියුණුවේ රහස ඒකෙයි.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔහු එතෙක් මෙතෙක් ආ ගමන් මග පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.