ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගනිමින් විටක හතුරාගේ චරිත නිරූපණය කරමින් තවත් විටෙක පෙම්වතාගේ චරිත නිරූපණය කරමින් කලාව තුළ නිරත වුණු තවත් සුන්දර කලාකරුවෙක් තමයි රෙක්ස් කොඩි පිළි මහතා කියන්නේ.

ඉතින් ඔහු ජීවිතේ සැබෑ සමය ගතකරමින් සිටිනා මොහොතක අප අතරින් සමු ගත්තා. ඔහුගේහුගේ දේහය නිවසට ගෙනාවත් බහුතරයක් දෙනාට දැක බලා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ක්ෂේත්‍රය තුළ නළු නිළියන් මේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වෙනවා.

ඒකට හේතුව සමාජ මාධ්‍ය පුරාවටම අසත්‍ය ප්‍රකාශයක් පැතිරිලා තියෙනවා රෙක්ස් කොඩි පිළි මහතා අවසන් මොහොතේ අසනීප තත්ත්වයෙන් හිටියා ඒ නිසා කලාවේ කවුරුත් ඔහුව බැලුවේ නෑ මේ හේතුව නිසා මළ ගෙදරට එන්න එපා කියන කතාවක්.

ඇත්තටම මේ කතාවේ සත්‍ය අසත්‍යතාවය ටෙලිබඳව බලන්න රංජන් රාමනායක අංජුලා රාජපක්ෂ ඇතුළු කලාකරුවන් පිරිසක් ඔහුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වුණා.ඇත්තටම මේ කතාව ඇහුවට පස්සේ රෙක්ස් කොඩි පිළි මහතාගේ දියණිය සඳහන් කරේ මෙන්න මේ වගේ කතාවක්.

“මම මේ කිසිම දෙයක් දන්නේ නෑ.දැන් ටිකකට කලින් තමයි මම ඒවගේ දෙයක් දන්නේ.ඒකෙ කියල තියෙන්නෙ මම නළු නිළියන්ට බැන වැදුනා කියලා.ඔය කිසිම දෙයක් මම දන්නේ නැහැ.මම ඕස්ට්‍රේලියාවේ ඉඳන් ආවෙත් අද දවල්.තාත්තා නැති උනේ 24 වැනිදා.අපි එහෙම කිසිම දෙයක් කියලා නැහැ.නළු නිළියෝ කියන්නේ අපේ සහෝදරයෝ.තාත්තගෙ සහෝදරයෝ එක පවුලක්.අපි කවදාවත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ.අනික තාත්තා අසනීපෙන් හිටියෙත් නැහැ.තාත්තා නිදාගෙන ඉද්දිම තමයි නැති වෙලා තියෙන්නේ.. තාත්තගෙන් කාටවත් වරදක් වෙලා නෑ එහෙම උනානම් සමාවෙන්න.අපි මේ කිසිම දෙයක් දන්නෙත් නෑ මේ කිසි දේකට අපි සම්බන්ධත් නැහැ.අපෙන් කාටවත් කිසිම වරදක් වෙලා.අපි සියලුම දෙනාට ආරාධනා කරනවා තාත්තට අන්තිම ගෞරවය දෙන්න කියලා.එහෙම කරන්න එපා කවුරු හරි එහෙම කරන්න ලෑස්ති වෙලා ඉන්නවනම් ඒ දේ කරන්න එපා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය බොහෝ දෙනා ඉදිරියේ බැගෑපත් වෙමින් එය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේ.කෙසේ නමුත් රෙක්ස් කොඩි පිළි නමැති මේ දැවැන්ත කලාකරුවාට අපිත් හදවතින්ම නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.