අලුත් කඩේ සිවිල් අභියාචනාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ ගින්න හටගෙන ඇති බවයි

.

ආරක්ෂක නිලධාරියා ඒ පිළිබඳව කෙසෙල්වත්ත පොලීසිය දැනුවත් කිරීමෙන් පසු, ගිනි නිවීම් සේවා රථ පැමිණ ගින්න නිවා දමා ඇත.


ඒ සඳහා යොදාගත් සේවා රථ සංඛ්‍යාව 03කි.


ගින්නෙන් අධිකරණයේ දේපොළවලට කිසිදු හානියක් සිදුව නැතැයි, පොලීසිය සඳහන් කළේ ය

.

පොලීසිය පවසන්නේ ගින්නට හේතුව, විදුලි කාන්දුවක් බවට සැක පල කරන බවයි