ගායන ක්ෂේත්‍රය අලුත්ම මඟකට යොමු කළ අති දක්ෂ ගායිකාවක් ලෙස උමායා සිංහ වංශය කොයි කවුරුත් දන්නවා.ඊට අමතරව රොක් සංගීතය හරහා ගැඹුරු කටහඬකට හිමිකම් කියන තවත් දක්ෂ කලාකරුවෙක් තමයි චිත්‍රාල් සෝමපාල කියන්නේ.


මේ හැමෝම විවිධ කාල සීමාවන්වලදී එකට එකතු වෙලා හරි අපූරු ලස්සන නිර්මාණ කරනවා. උමායා සහ චිත්‍රාල් සෝමපාල එකට එකතු වෙලා කරපු ලස්සන ගීත නිර්මාණයක් ඉදිරියේදී රසවිඳින්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් උදාවෙනවා.මේ වෙද්දිත් මේ ගීතයේ trailer එක හැමෝටම බලන්න අවස්ථාව තියෙනවා.

"නිවන්න" කියන තේමාව හරහා තමයි මේ ගීතය ප්‍රේක්ෂකයන් අතරට එන්නේ.හරි අපූරු අර්ථයක් සමග සමාජයට පණිවිඩයක් දෙන ආකාරයේ ගීත නිර්මාණයක් ලෙස මේ ගීතය නිර්මාණය වෙලා තියෙනවා.එනිසා එක පාරක් හරි ඔයා මේ ගීතය  අහලා ඒ රසය විදින්න අමතක කරන්න එපා.