චාමර වීරසිංහ කියන්නේ හැමෝගෙම හදවතේ ගායකයා.මේ හදවතේ ගායකයා පසුගිය දවසක හදිසියේම අසනීප වෙලා රෝහල්ගත කලා.රෝහල් ගත කරාට පස්සේ ඔහුට ආදරේ කරන බොහොමයක් දෙනා රෝහල අවට රැස්වුණා ඔහුගේ සුවදුක් කෙසේද කියලා විමසන්න.


ඉතින් රෝහල්කාරය මණ්ඩලයත් බොහෝ සෙයින් අපහසුතාවට පත්වෙලා තියෙනවා මෙතරම් ජනකායක් චාමර ගැන හොයන්න රෝහල අවට රැස්වෙලා ඉඩ නිසා.ඇත්තටම චාමර ගේ බිරිඳ පවා ඉල්ලීමක් කරලා තිබ්බා ඔහුට සුවය පතා බෝධි පූජාවේ වැඩසටහන් පවත්වන්න කියලා.කෙසේ නමුත් චාමරගේ රෝගී තත්ත්වය පිළිබඳව රෝහලේ වෛද්‍යවරයෙක් කළේ මේ වගේ ප්‍රකාශයක්.


“චාමර වීරසිංහගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරලා යම්කිසි ප්‍රකාශයක් කරන්න අවශ්‍යයි.ඔහු මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ පසුවෙනවා.ප්‍රතිකාර ඒ විදිහටම යනවා ඔහුගේ තත්ත්වය මුල් අවස්ථාවේ තිබ්බ තත්ත්වයට වඩා ලොකු වෙනසක් අපිට කියන්න බැහැ.ඔහුගේ තත්ත්වය නරක අතර වැඩිවෙලත් නෑ හොඳ අතට වැඩිවෙලත් නැහැ.ඉතින් ඔහුට හොඳම ප්‍රතිකාර ටික වෛද්‍ය මණ්ඩලය සිද්ධ කරනවා.ඒ නිසා බෝධි පූජා දිගටම තියන්න”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෛද්‍යවරයෙක් චාමරගෙ තත්ත්වය පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.කෙසේ නමුත් ඉතාමත් ඉක්මනින් ඔහුට සුව වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.