කවිය ඔබ ,අහසයි ඔබ මට, නිල් මහනෙලක්,සුදු හංසනී මේ කියන්නා වූ ගීත රැසක් හරහා බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය කලාකාරිනියක් තමයි දීපිකා ප්‍රියදර්ශනී  පීරිස් කියන්නේ. ඇය ගැන කතා කරද්දි ඇයටම උරුම මේ මියුරු කටහඬ නිසාම තමයි ප්‍රේක්ෂකයන් අතර මේ චරිතය ඉතාමත් ඉක්මනින් ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ.

ඒ විදිහට ජනප්‍රිය වුණු දීපිකා පසුගිය අවුරුදු දෙකක කාලයක් පුරාවටම වැඩිය ප්‍රසංග වලට සහභාගී වුණේ නැහැ.ඒකට හේතුව වුණේ ඇය ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ මවක් නිසා ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කළ නිසයි.කොහොම නමුත් අය කොයිතරම් කාලයක් නිහඩ වෙලා හිටියත් ඇයගේ පැරණි ගීත වලට ආදරේ කරන පිරිස දවසින් දවස වැඩි වුණා මිසක අඩු වුණේ නැහැ.

මේ වෙද්දි ආදරණීය දරුවන් දෙදෙනා වෙනුවෙන් ජීවිතයම කැප කරලා ඉන්න දීපිකා තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මගේ සැමියා චාමික හේරත්.ඔහු මේ දිනවල රැකියාව කරන්නේ ඕස්ට්‍රේලියාවේ.ඔහු බැංකු ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ මගේ පුතාලා දෙන්නා ආශි දම්සිත්.සහ අග්‍ර අර්ජිත් ඒ දෙන්නත් එක්ක මම සතුටින් දවස ගත කරනවා”

ඉතින් ඒ විදිහට අදහස් දැක්වූ දීපිකා තවත් අලුත් වැඩ කටයුතු රැසක් එක්කම ප්‍රේක්ෂකයන් හමුවට එන්න සූදානමින්.ඉතින් ඇයගේ ඒ ඉදිරි ජීවිතය දිනෙන් දිනම දියුණුවේවා කියා අපේ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.