Slider

චාමරට හතිය තියෙනවා ඒ හතියත් එක්ක කැස්ස එනවා. ආර්ථික අපහසුතා නිසා ආයෙමත් ගීත කියන්න ආවා

 


චාමර වීරසිංහ දමිත් අසංක කියන මේ කලා තරු යුවල ගත්තහම ඇත්තටම බොහෝ දෙනෙක්ගේ හදවතට සමීප ආදරණීය කලාතුරු යුවළක්.දමිත් අසංඛ ගැන කතා කරද්දි පසුගිය කාල සීමාවේදීම දමිත් සංගීත ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ නැහැ.

නමුත් නැවත වතාවක් ඔහු ප්‍රාසාංගික වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවා.ඒ වගේම තමයි චාමර වීරසිංහ පසුගිය දවසක ඇති වූ හදිස්සි රෝගී තත්ත්වයක් නිසා කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය තවටත් ප්‍රතිකාර ලබනවා.

කෙසේ නමුත් චාමර වීරසිංහ මහත්මයාට ආදරේ කරන හැමෝම වෙනුවෙන් දමිත් අසංක ඔහු පිළිබඳව හරි අපූරු කතාවක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.ඒ අවස්ථාවේදී දමිත් සඳහන් කළේ චාමර වීරසිංහ ඇත්තටම අපහසුතාවයෙන් ගත කරපු කාලසීමාවක් පිළිබඳවයි.

“මම එතුමත් එක්ක නිතරම ෂෝ වලට මුණගැහෙනවා.මේක එතුමාව පෞද්ගලිකව දන්න අය දන්නවා.එතුමාට හතිය තියෙනවා.ඒ හතිය හැදෙනවා එතකොට ඒ හතියත් එක්ක එතුමාට කැස්සත් එනවා.ඔයාලා දන්නවද දන්නෑ ඒ කැස්ස හැදුනහම එතුමා විනාඩි දහයක විතර මහා දුකක් විඳිනවා ඒ කැස්ස නිසා.කලින් වතාව මෙතුමාට මාස හයක විවේකයක් එක්ක බෙහෙත් කරන්න නියම වෙනවා.ඒ කාලේ බෙහෙත් කරද්දි එතුමාට කන්න බොන්නවත් දෙන්න කෙනෙක් හිටියේ නෑ.මාස තුනක් වැඩ නැතුව ඉද්දී නිකමට හිතන්න ජීවත් වෙන්නේ කොහොමද කියලා.ඉතින් මොන තාත්තද කැමති තමන්ගේ දරුවෝ දුක් විඳිනවාට තමන්ගේ බිරිඳ දුක් විඳිනවාට.ඉතිං එතුමා මාස හයක් බෙහෙත් කරන එක පැත්තකින් තියලා ප්‍රසංගවලට ගියා  මුදල් උපයන්න.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි බොහෝ දෙනා චාමර වීරසිංහගේ නොදත් පැතිකඩක් පිළිබඳව දමිත් අසංක කියලා තිබුණේ.ඉතාමත් ඉක්මනින් සුවය ලැබේවා කියා අපෙත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.




0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo