නිරූපණ ක්ෂේත්‍රය තුළ නිරූපිකාවක් විදිහට වෙනදටත් වඩා මේ කාලේ වැඩි වශයෙන් කතා කරන නිරූපිකාවක් තමයි අමායා අධිකාරි කියන්නේ.ඇය පිළිබඳව සමාජය තුළ ආයෙමත් සැරයක් කතා කරන්න පටන් ගත්තේ පසුගිය දවසක ඇය අයගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් දේවල් පිළිබඳව විවෘතව අදහස් දක්වපු නිසයි.

අමායා විවාහ වුනේ අතුළ අධිකාරී සමඟ.හැබැයි ඔහුගෙන් වෙන්වෙලා ඇය මේ වන විට වසර හතක්.නමුත් ඔවුන් දෙදෙනා දික් කසාද වෙලා නෑ එකම ගෙදර උඩ තට්ටුවේ අතුල ඉන්නවා යට තට්ටුවේ අමායා ඉන්නවා.ඒවගේම තමයි ඊට පස්සේ අමායා හර්ෂ දනෝෂ් කියන ගායකයත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා.

මේ වෙද්දී හර්ෂ තමන් ගැන සැලකිල්ලක් දක්වන් නෑ. ඇයට ආදරය කරන්නේ නෑ කියන කරුණ නිසා අමායා ඔහුගෙනුත් ටික ටික ඈත් වෙමින් තමයි ඉන්නේ.කොහොම නමුත් පසුගිය දවසක රංජන් රාමනායක රාමනායකගේ හඬ පටයක සඳහන් වෙලා තිබුණා අමායා එක එක මිනිස්සුත් එක්ක නටනවා අතුල බලන් ඉන්නවා කියන කතා බහක්. අමායා පසුගිය දවසක අදහස් ඉදිරිපත් කරල තිබුණේ මේ විදිහටයි

"මම අද වෙනකන් ඒ කෝල් එක අහලා නෑ. මම රන්ජන් අයියගෙන් ඕක අහලත් තියනවා. අමායා මිනිස්සුත් එක්ක බුදියනවා, අතුල බලන් ඉන්නවා' දැක්කා වගේ කියනවා එයා, ඉතින් එයා කොහෙද දකින්නෙ? එයා මගේ ගෙදර ද ඉන්නෙ? ඇඳ යට ද ඉන්නෙ? ලයිට් එක පත්තු කරන්නෙ එයාද? මිනිස්සුව දකින්නෙත් නැතුව ජජ් කරන හැටි බලන්නකෝ. මම ජීවිතේ ට සල්ලි වලට බුදියලා නෑ. මම ඔට්ටු අල්ලනවා පෙන්නන්න පුළුවන් නම්."

ඉතින් ඔන්න ඔය විදිහට තමයි අමායා ඒ කතාවට පිළිතුරු දීලා තිබුනේ.