බර වාහන සඳහා වසා දැමුණු බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ පාසල් බස් රථ සහ මගී ප්‍රවාහන බස් රථ ධාවනයට අවසර ලබාදුන් බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 


අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල - කොළඹ මාර්ගයේ කොටසක් බර වාහන ධාවනය සඳහා වසා දැමීමටයි පොලීසිය ඊයේ පියවර ගත්තේ. 

 

කෙසේවෙතත්, එම මාර්ගයේ ධාවනය වන බර වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.