sirasa voice teen තරගාවලිය හරහා බොහෝ දෙනෙක්ගේ හදවත දිනා ගත්ත ආදරණීය ගායිකාවක් තමයි ආදිත්‍යා වැලි වත්ත කියන්නේ.කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලාංකේය සංගීත ලෝලීන් අතර ඉතාමත් ඉක්මනින් ජනප්‍රිය වුණු ඇය අද වන විට නිවේදිකාවක් වශයෙනුත් කටයුතු කරනවා.

ඇය පුංචි කාලේ ඉඳන්ම සිංදු කියනවා. හැබැයි මිනිස්සු අතරේ ගායිකාවක් විදිහට ප්‍රසිද්ධ වෙන්නේ වොයිස් ටීන් වැඩසටහන හරහා.ආදිත්යා සඳහන් කරන ආකාරයට ගායන ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඇයට හුඟක් බාධක ඇවිල්ලා තියෙනවා. තාමත් බාධක තියෙනවා කියලත් ඇය කියනවා. හැබැයි හැකියාව සහ උත්සහය තමයි ඒ සියලුම දේ ජය ගන්න එකම මග කියලා කියන්නත් ඇය අමතක කළේ නෑ.

ඒ වගේම  පසුගිය දවසක ඇය චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට ඇඳගෙන ගිය ඇඳුම බොහෝ දෙනෙක්ගේ කතාබහට  ලක්වුණු ඇඳුම් විලාසිතාවක් වුණා.සමහරක් දෙනා මේ ඇඳුම් විලාසිතාව ලස්සනයි කිව්වා.ඒ  වගේම තවත් සමහරක් දෙනාම  ඇඟ පේනවා වැඩියි කියලත් සඳහන් කළා.ඉතින් ඒ කෙසේ නමුත්  සමාජයේ බොහෝ දෙනා අඳින පළඳින ඇඳුම් සම්බන්ධයෙන් දරණ මතය පිළිබඳව ආදිත්‍යා කිව්වේ මේ වගේ කතාවක්.

“තමන්ගෙ ඇඟ අයිති තමන්ට මිසක සමාජයට නෙමෙයි. ඒ නිසා අපි අඳින ඇඳුම් පැලඳුම් හරිද වැරැදිද කියලා තීරණය කරන්න සමාජයට අයිතියක් නැහැ. අඳින ඇඳුම් පැලඳුම් තමන්ටයි තමන්ගෙ පවුලෙ අයටයි ප්‍රශ්නයක් නැත්තන් සමාජය ඒ ගැන ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.


x