Slider

මගේ නෑයො පවා මට මුලදි හිනාවුණා.මම නිසා නවත්තපු නාට්‍ය පවා තිබ්බා. අයුතු යෝජනා ආවා

 


පාසල් යන කාලෙ ඉඳන්ම රංගනයට ආසාවක් දක්වපු පාසල් කාලයේදීම රංගනය සම්බන්ධයෙන් විවිධ ජයග්‍රහණ ලබා ගත්ත මේ සුවිශේෂී කලා තරුව කොයි කවුරුත් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පිණි සමාධි පෙරේරා.සමාධි ගැන කතා කරද්දි බොහෝ දෙනෙක් ඇයව දන්නේ දිවිතුරා ටෙලි නාට්‍ය හරහා.ඒ වගේම චාරිතාංග නිළියක් විදිහට ස්වාධීන රූපවාහිනියේ මීනු ටෙලි නිර්මාණයට ඇය රංගනයෙන් දායකත්වය දැක්වූවා.

මේ ටෙලි නිර්මාණයන් දෙක හරහා ඉතාමත් ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට යන්න සමාධිට අවස්ථාව උදා උනා.අද වන විට සමාධි දීර්ඝ ටෙලි නාට්‍ය කෙටි ටෙලි නාට්‍ය කියන මේ දෙකටම සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා.ඇය සදහන් කරන විදිහට ටෙලි නාට්‍ය දිග වුණත් කෙටි වුණත් ඇයගේ චරිතය හොඳයි නම් ඇය ඒ දේ භාර ගන්නවා කියලා තමයි සඳහන් කළේ.

සමාධි අද මේ විදිහට ලොකු ගමනක් ආවත් ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි නම් ඇයට එතරම් හොඳ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුනේ නෑ. විශේෂයෙන්ම තමන්ගේ පවුලෙන් පවා ඇයට දිරිමත් කිරීමක් ලැබුණේ නැහැ. හැමදේටම ළඟින් ඉඳලා තියෙන්නේ අම්මයි තාත්තයි සහෝදරයෝ විතරයි. ඉතින් ඒ ආ ගමන් මග පිළිබඳව ඇය සතියක පුවත්පතක් සමග කියලා තිබ්බේ මේ විදිහේ කතාවක්.


“ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ බොහොම අභියෝගවලට මුහුණ දුන්නා. මම නිසා නවත්තපු නාට්‍යය තිබුණා. අයුතු යෝජනා ඇවිත් ඒවට අකමැති වීම නිසා නැති වුණු අවස්ථා තිබුණා. ඒ වගේම නළු නිළියෝ අතරෙම  ඇති වෙන දේවල් නිසා හිත රිදීම් වෙලා තිබෙනවා. නමුත් මම හිතනවා ඒ සියල්ලටම පිළිතුරු මම නිහඬවම දීලා තිබෙනවා කියලා. මම නිහඬවම මගේ ගමන යනවා. මගේ ඥාතීන් පවා මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ මට හිනා වුණ අවස්ථා තිබුණා. මම පොඩි චරිත කරන කාලේ හිනා වුණා බලන්න වාඩි වෙද්දී පෙන්නලා ඉවරයි කියලා. නමුත් මම මට එල්ල වෙන හැම විවේචනයක්ම, අභියෝගයක්ම මාව ශක්තිමත් කරන දෙයක් බවට පත් කර ගත්තා. මට කා සමගවත් තරඟයක් නැහැ. මට තිබෙන්නේ මා සමගම තරගයක්. මම හරිම ශක්තිමත් කෙනෙක්. ඒක මගේ මවුපියන්ගෙන් මට ලැබුණු දෙයක්.”


ඉතින් අභියෝග සියලුම දේ ජයග්‍රහණය කරමින් අද ක්ෂේත්‍රය තුළ ඇය තමන්ගෙම තැනක් හදාගෙන අවසන්. ඉතින් ඒ ගමන් මග තව තවත් ඉදිරියට යන්නට අපිත් අයට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.





0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo