ඔහු ලාංකීය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේම තමන්ගේ ශ්‍රමය කැප කිරීම වැගිරූ විශිෂ්ට රංගදරයෙක්.ඔහු ටෙලි නාට්‍ය වංශ කතාව අද්විතීය රංගන පෞරුෂයෙන් හැඩ කෙරූ ශ්‍රේෂ්ඨතම රංගන ශිල්පියෙක් කිව්වොත් වැරදි නැහැ. ඉතින් අද වන විට ජීවිතය සැදෑ සමය ගත කරන ඔහු ප්‍රවීණ රංගදර හේමසිරි ලියනගේ.

හේමසිරි ලියනගේ කියන්නේ වැඩිපුරම අපි ටෙලි නිර්මාණ හරහා දැනගත්තු කලාකරුවෙක්.කෙසේ නමුත් ඔහු ආ ගමන් මග තුළ අද වන විට ඔහුගේ ඉදිරි පරපුර ගෙනයාම සඳහා ඔහුගේ ආදරණීය දරු දැරියනුත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.ඉතින් එතෙක් මෙතෙක් දශක ගණනාවක් පුරා මේ කලා කෙත අස්වැද්ද වීමට දායක වුණු මේ සුවිශේෂී කලාකරුවා ඒ දිහා බලාගෙන නිහතමානීව කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම මේ කලා ක්ෂේත්‍රයට දශක ගණනාවක් පුරා රංගනයෙන් සහ නාට්‍ය අධ්‍යක්ෂණයෙන් දායක වුණා. මම සිදු කළ කිසිදු නිර්මාණයක් පිළිබඳව නැවත නැවත කතාබහ කිරීමට කිසිදු උත්සාහයක් ගත්තෙ නැහැ. මම හැමදාම කළේ වැඩක් ඉවර කරලා අත්හැරලා තවත් වැඩක් කරන එක. ඕවා සංරක්ෂණය කර කර සටහන් කරගෙන නැවත නැවත රටට ලෝකෙට මතක් කරන්න මම උත්සාහයක් ගත්තෙ නැහැ. කොටින්ම මේ වැඩේ සිදු කරන්න පවා නාට්‍ය පිටපත් සොයා ගන්න තිබුණෙ නැහැ. මම වැඩ කරලා සතුටු වෙලා නිකන් ඉන්නවා පමණයි.”

ඒ වගේම ඔහුට බොහෝ දෙනෙක් සිනමා ක්ෂේත්‍රයට එන්න ආරාධනා කරාලු නමුත් සිනමාව කියන විෂය පථය පිළිබඳව ඔහුට එතරම් විශාල දැනුමක් තිබ්බේ නැති නිසා ඒ වගේ වැඩ වලට අත ගැහුවේ නෑ කියලත් හේමසිරි මහතා සඳහන් කරලා තිබුණා.

ඒ කෙසේ නමුත් ඔහු කලා ක්ෂේත්‍රයට දායාද කෙරූ ඒ මතකයන් එක්ක හැමදාමත් සතුටෙන්ම ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපෙත් එක සිතින් ප්‍රාර්ථනා එක් කරන්නෙමු.