එදා වගේම අදටත් බොහෝ දෙනෙක් ආදරේ කරන හදවතේ ගායකයා කියන නමින් හඳුන්වන ඔහු කොයි කවුරුත් දන්න චාමර වීරසිංහ.මතකයන් ඔබේ සිතේ තබාගෙන කියන ගීතය වඩ වඩාත් ජනප්‍රිය ජනප්‍රියතාවයට පත් වෙද්දී ඔහු විසින් ගායනා කරපු සියලුම ගීත ජනප්‍රියත්වයේ ඉහළටම ගියා.

ඉතින් මේ දවස්වල චාමර ගැන බොහෝ දෙනෙක් වැඩි වශයෙන් කතා කරන්නේ පසුගිය දවසක විහාර මහා දේවී උද්‍යානය පැවැත්වූ එළිමහන් සංගීත ප්‍රසංග වේදිකාව නිසයි. මේ අවස්ථාවට ගීත ගායනා කිරීමට චාමර ආවා.එහිදී ඔහු ගායනා කරේ මතකයන් ඔබේ කියන ගීතය.හැබැයි අවසානෙට චාමරගෙ කටහඬවත් ඇහෙන් නැති තරමට ප්‍රේක්ෂකයෝ මහ හයියෙන් ඔහුත් එක්ක මේ ගීතය ගායනා කළා.ඉතින් චාමරටත් මේ ප්‍රේක්ෂක ආදරය ගැන හිතාගන්න බැහැ.ඉතින් මේ වගේ සිදුවීම් කීපයක්ම මීට කලිනුත් සිද්ධ වෙලා තියෙනවා.ඉතින් ඒ සිදුවීම් ගැන චාමර එක්තරා අවස්ථාවකදී අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි.

"අපි හලාවතටත් එහා ෂෝ එකට ගිහින්  ගමන් හිටියේ.හරියටම හලාවත ඔරලෝසු කණුව පහු කරපු ගමන් පාරෙ අයිනෙ කඩේක නැවැත්තුවා.මම කඩේ ටිකක් පහු කරල නවත්තන්න කිව්වා.ඊට පස්සේ මම යන්නැතුව මගේ යාළුවෙක් කඩේට යැව්වා.ඊට පස්සේ කඩේ ගාව හිටපු කොල්ලෙක් මාව දැකල ඇවිල්ලා අම්මා අපේ අවංකයා චාමරයා කියලා චාමර අයියේ දැන් මගෙත් එක්ක අපේ ගෙදරට යන්න ඕනි කියලා මට කිව්වා. ඔයාගේ සින්දු වලට ආසයි එනිසා ඔයා මාත් එක්ක යන්න එන්න ඕනි කිව්වා.ඊට පස්සේ මං කිව්වා මල්ලි මම ෂෝ එහෙකට යන්න ඉන්නේ පරක්කු වෙන නිසා මං පස්සේ එන්නම් කියලා.ඊට පස්සේ ඔහු එන්නම ඕනි කියලා බල කරා.ඊට පස්සේ මං බෑ කියද්දී  ඒ තරුණයා දැලි පිහියක් අතට ගත්තා.ඊට පස්සේ මගේ යාලුවෝ දෙන්නා කිව්වා මල්ලි ඔහොමද  ගායකයන්ට ආදරේ කරන්න කියලා. ඊට පස්සේ ඒ තරුණයා කිව්වා නෑ නෑ මම ඔයාලට කරදරයක් කරන්නෑ චාමර අයියා ආවෙ නැත්නම් මම කපා ගන්නම් කියලා.ඊට පස්සේ බැරිම තැන හලාවත කඩ පේළියක් අස්සේ වත්තක වගේ ප්ලේස් එකකට යන්න සිදුවුණා මට.ඊට පස්සේ එයාවත් දාගෙන වත්තට ගිහින් මුළු වත්තම ඇහැරවලා ආපහු මම ආවා"


ඉතින් චාමර ඔන්න ඔය විදිහට තමයි ඔහු රසිකයන්ගේ දැඩි ආදරය නිසා කරදරයට පත්වෙච්ච අවස්ථාවන් පිළිබඳවත් අදහස් දක්වලා තිබුණේ.