එල්ටීටීඊය යුද සමයේ භාවිත කළ ක්ලේමෝ බෝම්බ සඳහා භාවිත කරන බෝම්බ කවර නිෂ්පාදනය කරමින් යළි එල්ටීටීඊය හිස ඔසවන බව ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමට උත්සාහ කළා යැයි සැකකරන හිටපු මුහුදු කොටි සාමාජිකයකු ඇතුළු දෙදෙනකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පෙරේදා (10 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් එල්ටීටීඊ මුහුදු කොටි සාමාජිකයා මන්නාරමේ පදිංචිකරුවකු වන අතර ඔහු එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලය සමග සබඳතා පවත්වන අයකු බවත් හෙළි වී ඇත.


මෙම මුහුදු කොටි සාමාජිකයා පුනරුත්ථාපනය වීමෙන් පසු කලක් සිවිල් ආරක්ෂක බළකායටද බැඳී සේවය කර ඇතැයි හෙළිවී තිබේ.



මෙම කොටි සාමාජිකයාගේ මිතුරකු වන කිලිනොච්චි, නාච්චිකුඩාහි පදිංචි ෆයිබර් ග්ලාස් වැඩපොළක් පවත්වාගෙන යන අයකුට ක්ලේමෝ බෝම්බ ආකෘති සකස් කිරීමට ලබාදී ඇතැයි අනාවරණය වී තිබේ

.


පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ලද තොරතුරු මත මෙම ස්ථානය වටලා බෝම්බ කවර 18 ක් සොයාගෙන ඇත.




එල්ටීටීඊය යළි හිස ඔසවන බවට ජාත්‍යන්තරයට හඟවා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මෙය කරන්නට ඇති බව බුද්ධි අංශ සැකපහළ කර තිබේ.



මෙහිදී අත්අඩංගුවට ගත් කොටි සාමාජිකයා පසුගිය නොවැම්බර් 27 දාට යෙදුණු කොටි සැමරුම් උත්සවයට සමගාමීව නාච්චිකුඩාහි උත්සවයක්ද සංවිධානය කර ඇතැයි හෙළි වී ඇත.