කලා ලෝකය තුළ නිතරම පේන්න නැතත් විවිධ අවස්ථාවන්වලදී ටෙලි නිර්මාණයන් හරහා කරළියට එන මේ සුන්දර කලාකාරිනිය තමයි ශෙහානි කහදවල.තාමත්  කලාවට ඇවිත් අවුරුදු ගණනාවක් ගත වුණත් ඇය ඉතාමත් සුළු නිර්මාණයන් කිහිපයකින් තමයි ප්‍රේක්ෂකයන් හමුවට ආවේ.

ඇය රංගන ශිල්පිනියක් පමණක්ම නෙවෙයි බොහෝ දෙනෙක් දන්නේ නම් ඇයට රඟපාන්න විතරයි පුළුවන් කියලා.නමුත් එහා නිට් ලස්සනට සිංදු කියන්න පුළුවන්. ඒ වගේම ලස්සනට නටන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇය අති දක්ෂ චිත්‍ර ශිල්පිනියක් කියලත් සඳහන්


මේ සියලු දක්ෂතාවයන් එක්ක අද වෙද්දි ඇය තමන්ගේ තනිකඩ ජීවිතයෙන් මිදිලා හිත ගිය පුද්ගලයෙකුට ආදරය කරනවා කියලත් ආරංචි.කලාව තුළ මෙතෙක් ආ ගමන් මග තුළදී ශෙහානි මුහුණ දීපු අභියෝගය එමටයි. ඒ කටුක අත්දැකීම් ගැන ඇය කියලා තිබුණේ මේ වගේ කතාවක්.


"මගේ හැඩරුවට සමාන විදිහට සංස්කරණයකරලා හදපු නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරලා තිබුණා. ඇත්තටම ඒ දේවල් අපිට පාලනය  කරන්න මට බැහැ. තමන්ගෙ සතුට වෙනුවෙන් හෝ පේජ් ජනප්‍රියකරගන්න හෝ මගේ ඡායාරූප සංස්කරණය කරලා ප්‍රසිද්ධ කරන්න ඇති. කලා ක්ෂේත්‍රයේ කටයුතු කරනකොට ඔහොම දේවල්වලට මුහුණ දෙන්නවෙනවා. හැබැයි මම ඒවයින් කවදාවත් මානසිකව වැටුනෙවත් යන ගමන නැවැත්තුවෙවත් නැහැ.


ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ