වර්ෂ 2008 දී පමණ  අවුරුදු කුමාරි තරඟාවලියක් ජයග්‍රහණය කරලා රංගන ක්ෂේත්‍රයට පා තැබූ මේ සුරූපී රංගන ශිල්පිනිය නමින් දිලිනි ලක්මාලි. දිළිනි ගැන කතා කරද්දි හැමෝටම ඉස්සෙල්ලම මතක් වෙන්නේ ඇයගේ සුන්දර දිගු වරලස.ක්ෂේත්‍රය තුළ කොයිතරම් ප්‍රසිද්ධ වුනත් ඇය තමන්ගේ කොණ්ඩේ නම් කොටට කපන්නේ නැහැ.
මේ කොණ්ඩ නිසාම දිලිනී බොහෝ අවස්ථාවන්වලදී නිරූපණය කළේ ගැමි චරිත.කොහොම නමුත් කලාව තුළ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ චරිත නිරූපණය කරපු ඇය අද වන විට චුට්ටක් කලාවෙන් ඈත් වෙලා තමන්ගේ පෞද්ගලික ජීවිතයට අංක එක දීලා.ජීවිතය සුන්දරම පරිච්ඡේදයක් ආරම්භ කරමින් දිලිනි ගතවුණු සැප්තැම්බර් මාසයේ යුග ජීවිතයට පිවිසුනා. ඒ ආදරණීය බලාපොරොත්තු රැසක් හිතේ තියාගෙන


හැබැයි ඇය බඳිනකම්ම කිසි කෙනෙක්ට තමන්ගේ ආදරය පිළිබඳව හෙළි කරේ නැහැ.හේතුව වෘත්තීය ජීවිතය රංගනය උනාට ඒ ජීවිතය තුළ පෞද්ගලික දේවල් හුවමාරු කරගන්න ඕන නෑ කියන තැන ඇය හිටපු නිසයි. විවාහ වුණාට පසු බොහෝ දෙනෙක් ඇයගේ සැමියා ගැන අහන නිසාම දිලිනී ඔහු ගැන කියලා තිබ්බෙ මේ වගේ කතාවක්.

“චරිත් වඩුගේ තමයි මගේ සැමියා, ඔහුගේ ස්ථිර පදිංචිය නවසීලන්තයේ. ඔහු ජීවත් වෙන්නේ එහේ. අපි දෙන්නගේ  ආදර සම්බන්ධය ඇති වුණේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා. මුලින්ම අපි මිතුරෝ. පසුව ඒ මිත්‍රත්වය තමයි ආදරයකට පෙරළුණේ. අපේ සම්බන්ධතාවට දැන් වසර දෙකහමාරක් පමණ වෙනවා. ඉතිං අවසානයේ අපි තීරණය කළා එක වහලක් යටට එන්න.”

ඉතින් තවත් බොහෝ කාලයක් සතුටින්ම ඔහුත් සමගම ජීවිතය ගතකරන්න ඇයට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේමු.