හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද අද විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයන් අනූ හත් දෙනකුගේ ජීවිත බේරා ඇති බවත් වාර්තා වේ

නාය යාමේ මූලික ලක්ෂණ පහළ වීමත් සමඟ පදිංචි ස්ථානවලින් පවුල් විසි පහක් විගසින් ඉවත් කරගෙන තිබෙන අතර එම නිවාසවල තිබූ බඩුමුට්ටු ද ඉවත් කරගෙන තිබේ.


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ස්ථානයේ කළ භූමි පරික්ෂාවකින් පසුව අධි අවධානම් කලාපයක් ලෙස නම් කළේය.


මෙම නාය යාමට අක්කර තිහක පමණ ප්‍රදේශයක් ගොදුරු වී ඇති බවත් කුඹුරු යායක්ද නායට යටවී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.


පැවති අධික වර්ෂාව සමග නාය යාම සිදු වී තිබේ.


මේ වන විට නිවාස හයක් නොපෙනී ගොස් ඇති බවත් අනික් නිවාස ගොදුරු කරගනිමින් සුන් බුන් සමග නාය පහළට තව දුරටත් ගලමින් තිබෙන බවත් ප්‍රදේශ වාසීහු පවසති.