මේ දවස්වල වැඩි වශයෙන් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙච්චි ඒ වගේම වැඩිපුර කතා කරන චරිතයක් බවට පත්වුණු කාන්තාවක් තමයි derana dream stars තරගාවලිය ජයග්‍රහණය කෙරූ  අන්ජලී හේරත් කියන්නේ.

ඇය තඹුත්තේගම සිට පැමිණි ගුවන් හමුදා සංගීත කණ්ඩායම නියෝජනය කරපු තරගකාරියක්.ඒ නිසාම ඇයගේ දක්ෂතාවය ඒ වගේම ඇය සතුව තිබුණු ආත්ම විශ්වාසය නිසාම අංජලීට මුළු ලෝකයක් ඉදිරියේ ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා.

ඇය ලැබූ මේ ජයග්‍රහණය ගැන ඒ වගේම මේ කිරුළ ගැන අන්ජලී බොහොම නිහතමානීව අදහස් ප්‍රකාශ කරලා තිබුනෙ මේ විදියටයි.

"හැම ගැහැනියකටම මගේ මේ කිරුළ අයිති.අනාගතේ මම හැම කාන්තාවගෙන් ම ඉල්ලා සිටිනවා ඉස්සරහට එන්න කියලා.කොටුවෙලා හිර වෙලා ඉන්න එපා තමන්ටත් දෙයක් කළ හැකි බව ඔප්පු කරල පෙන්නන්න'




එයාකාරයෙන් අනාගත දැක්මකින් යුක්ත ආ මේ සොඳුරු ගමන් මග තුළ අන්ජලී;තමන්ගේ අතීත ජීවිතය පිළිබඳව සිහිපත් කරන්නත් අමතක කළේ නැහැ.

"පරම්පරාවේ ලොකු නමගිය ගායකයෝ නැති වුණාට මගේ අම්මගේ කට්ටියට හොඳට සින්දු සිංදු කියන්න පුළුවන් මම හිතන්නේ මගේ අම්මගේ ආභාසය තමා මටත් ඇවිත් තියෙන්නෙ.මට නංගිලා දෙන්නෙක් ඉන්නවා අප්පච්චි ගොවිතැන් කරන්නේ මගේ අම්මට පුංචි මොන්ටිසෝරියක් තියෙනවා අපි බොහෝම සතුටින් ජීවත් වන අහිංසක පවුලක්"

ඉතින් අංජලී තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන අදහස ඉදිරිපත් කරලා තිබුණේ ඒ විදියටයි.ඒ වගේම ඇය හොඳින් ඉගෙන ගත්තු තරුණියක් විශ්වවිද්‍යාල  වරම් ලබන්නට ඇයට වාසනාව ලැබුණත් ඇය ඒ සියලුම දේවල් පසෙකලා ගුවන් හමුදාව තෝරාගත්තා. ඉතින් ඇයගේ ඒ ඉදිරි අනාගතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.