චාමර වීරසිංහ කියන්නේ යුගයේ ජනප්‍රිය ගායන ශිල්පීන් අතර අදටත් ජනප්‍රිය වෙච්චි දක්ෂ ගායන ශිල්පියෙක්.ඉතින් ඔහු පිළබඳව ඉතාමත් කණගාටුදායක ආරංචියක් අපිට අහන්න ලැබිලා.  ඉතින් චාමර මේ වෙද්දි කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඔහුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ විදිහට ඔහු රෝහල් ගත උණු බවට රෝහල් අධ්‍යක්ෂකා වෛද්‍ය සාගරේ කිරිවන්දෙණිය මහත්මිය සඳහන් කරලා තියෙනවා.

සමහරක් දෙනා සඳහන් කළේ පසුගියදා පැවැත්වුණු එළිමහල් ප්‍රසංග වේදිකාවට ඔහුගේ ගීතය වෙනුවෙන් අතුරු සිදුරු නැතුව ජනකායක් රැස්වුණු නිසා බොහෝ දෙනෙක්ගේ ඇස්වහ කට වහා ඔහුට වැදුනා කියලයි. ඉතින් මේ දේවල් බහුතරයක් දෙනා අතර තියෙන මතිමතාන්තර කොහොම නමුත් ඉතාමත් ඉක්මනින් සුව වී නැවත රසිකයන් අතරට එන්න ලැබේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.