කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන හෙළ සිනමාව ඒ වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ආලෝකමත් කළ ආදරණීය රංගන ශිල්පිනියක් තමයි යශෝදා විමලධර්ම කියන්නේ. ඇය ගැන කතා කරද්දි ඇයට රංගනය විතරක් නෙවෙයි.හින්දි භාෂාව පිළිබඳවත් විශාල පරාසයක දැනුමක් තියෙනවා.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන යශෝදා ඒ කාල සීමාවේදී නවකවදය  කියන හේතු කාරණාව නිසාම ඒ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතරමග නතර කරනවා.කොහොම නමුත් පසුකාලීනව විදෙස් අධ්‍යාපනය ලබන ඇය අදටත් කලාව තුළ දැවැන්ත චරිතයක්.

කලාවත් එක කොයිතරම් ඉහලට ඉදිරියට ගියත් ජීවිතේ සැබෑ සමය ලංවෙන කාලසීමාව වන විටත් යශෝදා තනිකඩ ජීවිතයක් තමයි ගත කළේ.ඇය අදටත් තනිකඩයි.බොහෝ දෙනෙක් ඇයට මේ තරම් ලස්සන රූපකායක් හිමිවෙලා තිබ්බත් ඇයි මේ විදිහට තනිකඩව ඉන්න කියලා නිතර ප්‍රශ්න කරනවා.ඉතින් ඒ සියලුම දෙනාට යශෝදා කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඒකාලේ මට ආදර ඇරවුම් ලියලා ලියුම් මිටි ගණන් එන්නේ.අදටත් යෝජනා එනවා.ලංකාවේ නෙවෙයි ඕනිම රටක තියනවනේ මේ මේ වයසෙදි බඳින්න ඕනි කියන කතා.ඇත්තටම ඒවා මිනිස්සු හදාගත්තු කතා.මගේ ජීවිතයේ මට දැනුණු අවංක කෙනෙක් හම්බුනේ නෑ.මගේ තාත්තා වගේ අවංක හොඳ මිනිස්සු මම දැක්කේ නැහැ.ඒකයි අදටත් මම තනිකඩව ඉන්න හේතුව.තමන්ගේ හිතට නොදැනුණු කෙනෙක් එක්ක ඉන්නවට වඩා තනියම නිදහසේ ඉන්න එක හොඳයි”

ඉතින් ඇය ඔන්න ඔය විදිහට තමයි තනිකඩව ඉන්න හේතු කාරණා පිළිබඳව කියල තිබ්බේ. කෙසේ නමුත් ඇගේ ඉදිරි ජීවිතය දිනෙන් දෙනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.