වෝල්ගා කල්පනී කියන්නේ  බොහෝ දෙනෙක් ආදරේ කරපු අදටත් ආදරේ කරන චරිත රැසක් නිරූපණය කරපු ආකර්ෂණීය කලාකාරිනියක්.කොයි කවුරුත් දන්න විදිහට ආදරේ කියන තැනදි වොල්ගට වැරදුනා.ඇය ආදරේ කරලා විවාහ වුණේ පුංචි කාලෙ ඉඳන්ම හොඳම යාළුවා විදිහට ආශ්‍රය කරපු රංගන ලෝකය තුළ තවත් දක්ෂ රංගන ශිල්පියෙක් වූ හර්ෂණ බෙත්මගේ සමඟයි.




x

හැබැයි යම් යම් හේතූන් මත ඉතාමත් කෙටි කාලයකින් විවාහ වෙලා මේ දෙදෙනාම දෙපැත්තට වුණා. යුග ජීවිතයක් ගත කලත් වොල්ගා නම් තාමත් තනිකඩව ජීවත් වෙනවා.හැබැයි ඇය ජීවිතේ ගැන ගැන බලාපොරොත්තු අතෑරලා නෑ.එක්තරා රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා ඇයගේ ඒ බලාපොරොත්තු සහ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැන වෝල්ගා කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


"මගේ ජීවිතේ හැමෝම දන්න එක ප්‍රේමයක් තිබ්බා.ඒක ඇත්තටම ලොකු කාලයක් තිබ්බා.මම හිතන්නේ සමහර අත්හැරීම් අතරෙ අනිත් කෙනාට හොඳක් වෙනව නම් ඒක අතාරින්නම ඕනේ.මම මේ වෙද්දි කෙනෙක්ට ආදරේ කරනවා.ඒක ලස්සන සුන්දර බැඳීමක්.මම ජීවිතය විඳින ගමන් ගොඩක් දේවල් අත ඇරලා ජීවත් වෙන කෙනෙක්.හැබැයි අම්මා කෙනෙක් වෙන්න ඕනෑ කියන එක මම තාමත් අත ඇරලා නෑ.මොකද ඕනෑම ගෑනියක් අම්මා කියලා තව කෙනෙක්ගෙන් අහගන්න ආසයි"


ඉතින් වෝල්ගා ඇගේ ජීවිතය ගැන ඉදිරි බලාපොරොත්තු ගැන ඔය විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇයගේ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉටු වේවා කියා අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු.