උත්සව සමයත් සමග බිත්තර නිෂ්පාදකයන් සහ බිත්තර වෙළෙඳුන් විසින් බිත්තරයක මිල යළි රුපියල් 60 ක් දක්වා ඉහළ දමා තිබේ.


නොවැම්බර් මස අග සතියේදී සුදු බිත්තරයක් රුපියල් 40 ත් 42 ත් අතර මිලකට පැවැති අතර, ඉකුත් සතියේදී සුදු බිත්තරයක මිල රුපියල් 44 ත් 46 ත් අතර මිලකට ඉහළ ගියේය.



ඊයේ පෙරේදා සිට යළිත් බිත්තරයක මිල රුපියල් 55 ත් 60 ත් අතර මිලක් දක්වා වැඩිකර තිබේ.


ඉදිරි නත්තල් සමයේදී බිත්තර මිල තවදුරටත් වැඩිවනු ඇතැයිද, බිත්තර නිෂ්පාදකයන් බිත්තර මිල ඉහළ දමා ඇතැයිද බිත්තර වෙළෙන්දෝ කියා සිටිති.



බිත්තර මිල ඉහළ යාම නිසා කේක් ඇතුළු රස කැවිලි වර්ගවලද මිල ගණන් ඉහළ දැමීමට සිදුවනු ඇතැයිද
බේකරි හිමියෝ පවසති.