මේ දවස්වල වයිරල් ගියපු dance එකක් තමයි එකක් තමයි අමුක ඩුමුක කියන ගීතයට රුකා නමැති තරුණයා විසින් ඉදිරිපත් කරන අමුතුම ආකාරයේ නර්තනය.මේ නර්තනය කොයි තරම් ප්‍රසිද්ධ වුණාද කියනවා නම් ඒ වෙනුවෙන් විවිධ ටික් ටොක් පවා නිර්මාණය වෙන්න පටන් ගත්තා.

ඊටත් පස්සේ මේ තරුණයා සමාජය තුළ යම්කිසි මට්ටමක හාස්‍යයට ලකුණු චරිතයක් බවටත් පත්වුනා.ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙද්දි ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් ඔහුව විනෝදාත්මක වැඩසටහනකට රැගෙන ආවා.

අවස්ථාවේදී ප්‍රසිද්ධියේ ඔහු විසින් කලින් ඉදිරිපත් කෙරුණු නර්තනය ඉදිරිපත් කරන්න ඔහුට අවස්ථාව උදාවුණු අතර මේ නර්තනයෙන් පස්සේ බොහෝ දෙනෙක් ඔහුව විවේචනය කළා.විශේෂයෙන්ම ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා වලට වෙන ගෙන්වන්න මිනිස්සු නැද්ද? ප්‍රවීණ කලාකරුවන් ඉස්සරහ මෙහෙම නටන එක හරිද? මගේ ප්‍රශ්න තමයි හැමෝටම තිබ්බේ.

මම නමුත් ඒ දේවල් සම්බන්ධයෙන් පියුමි හංසමාලි සැර විවේචනයක් තමන්ගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.ඇය කියලා තිබුණෙ මේ වගේ චරිත උලුප්පනවට වඩා අහිංසක වැදගත් කලාකරුවන් කරළියට ගේන එක වටිනවා කියන දේ.මේ කතා අතර රුකා එහෙමත් නැත්නම් මේ නර්තනය ඉදිරිපත් කෙරූ පුද්ගලයා මාධ්‍ය ඉදිරියට ඇවිත් කිව්වේ මේ වගේ කතාවක්.

"ගොඩක් අය බැනලා තිබ්බේ මේ අත දෙපැත්තට දාන එක වැඩක් ද කියලා.ඒක මං කරනකල් කවුරුත් කරලා තිබ්බේ නැහැ හැමෝටම හීනයක් තියෙනවා.මගේ හීනය අමුක ඩුමුඛ ඩාන්ස් එකෙන් ඉදිරියට යන්න නෙමෙයි.අලුත් දෙයක් වෙනස් දෙයක් කරන එක තමයි මගේ හීන තිබ්බේ. ගොඩක් කලාකරුවන් පවා මට බැනලා තිබ්බා.මම දන්නෑ ඇයි මට බනින්නේ කියලා. මම මේ රටේ කිසි කෙනෙක්ට පුංචි වරදක්වත් කරපු කෙනෙක් නෙවෙයි.මට බැන්නට කමක් නෑ මගේ අම්මට මම ගොඩක් ආදරේ රටේ හැමෝගෙන්ම වැඳලා ඉල්ලන්නේ අම්මට බනින්නෙපා.ඒ වගේම පියුමි අක්කත් මට බැනලා තිබ්බා මං පියුමි අක්කගේ ලොකු රසිකයෙක්.පියුමි අක්කේ මගෙන් වරදක් වුණා නම් මට සමාවෙන්න"

ඉතින් ඔහු ඔන්න ඔය විදිහට තමයි අදහස් ඉදිරිපත් කරලා තිබුනෙ