පොලිස්පතිවරයාගේ මහජන සහන දින වැඩසටහන මේ සතියේ යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.


ඒ අනුව පොලිසිය පැවසුවේ රජයේ නිවාඩු දින හැර සෑම සිකුරාදා දිනකම පොලිස් මූලස්ථානයේදී මෙම වැඩසටහන පැවැත්වෙන බවයි.

 

 

කොවිඩ් වසංගතය හේතුවෙන් නවතා දමා තිබූ එම වැඩසටහන 2023 දෙසැම්බර් මස 15 වන සිකුරාදා සිට යළි ආරම්භ කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

 

නොවිසඳුණු පැමිණිලිවලට විසඳුම් සෙවීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් හමුවීමට මෙම වැඩසටහන මඟින් ජනතාවට අවස්ථාව සැලසෙයි.