Slider

නුදුරේදී එන පොලිස් කොමසාරිස් ජනරාල් ධුරයක් ?

 


පොලිස් කොමසාරිස් ජනරාල් ධුරයක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.


මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා මට්ටමේ පමණක් පවතින අතර ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.




පොලිස් කොමසාරිස් ජනරාල් ධුරය ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලබන සිවිල් තනතුරක් වේ.


කෙසේ වෙතත් කොමසාරිස් ධුරයට පත්වන පුද්ගලයාට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරේ.




ඒ අනුව හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මෙම ධුරයට පත්කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.




මේ වන විට වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර ඇති අතර එය මාස 03කට සීමා කර තිබේ.




එහෙත් මෙම පත්කිරීම ස්ථිර පත්කිරීමක් ලෙස ක්‍රියාත්මක කරන බවට මේ දක්වාත් කිසිදු පාර්ශවයක් ප්‍රකාශයට පත්කර නොමැත.




හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නම මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට යෝජනා වී ඇතත් අලුතින් ස්ථාපිත කරන පොලිස් කොමසාරිස් ජනරාල් ධුරය හිටපු පොලිස්පතිවරයාට හිමිවනු ඇති බව වාර්තා වේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo