සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. 


ඊට අදාළ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි. 


සුරා සම්බන්ධයෙන් රට තුළ පවතින ඇතැම් නීති ද ජනතාව නීති විරෝධී මධ්‍යසාර වෙත යොමු කිරීමට පොළඹවන බව ඔහු පව්සායි. 



ශ්‍රී ලංකා සුරා බදු නිලධාරීන්ගේ සංගමයේ 23 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.


නීත්‍යානුකුල නොවන සුරා වර්ධනය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වසර 20ක කාලය තුළ නීත්‍යානුකූල සුරා 50%කින් වර්ධනය වෙද්දී නීති විරෝධී සුරා වර්ධනය 500% ඉහළ අගයක පවතින බවයි. 



මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා සුරා සල් ව්‍යාප්තිය ද හේතුවක් වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මහනුවර දිස්ත්‍රික්කයේ සෑම පුද්ගලයන් 6,000කටම එක් සුරාසලක් පවතිද්දී මුලතිව් දිස්ත්‍රික්කයේ එක් සුරා සලක් පවතින්නේ පුද්ගලයන් 990,000කට බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඇතැම් ප්‍රදේශවලට කිලෝ මීටර් 80ක පමණ ගෙවා සුරා සලක් වෙත යා යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය