එදා මොණර තැන්න ටෙලි නිර්මාණය  හරහා  මුලින්ම රංගනයට ආ ඇය  කොයි කවුරුත් ආදරේ කරන මේනකා පීරිස්. පසුගිය දවසක ඇය නැවත වතාවක් කලා ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා තිබුණා.පෞද්ගලික ජීවිතයේ යම් යම් හැල හැප්පීම් එක්ක ටිකක් කලාවෙන් ඈත් වෙලා හිටපු මේනකා   ලැබුණු සම්මානය හිමිකර ගැනීමත් සමගම ආයෙමත් රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටියා.

මේනකා මේ වන විට ආදරණීය මවක් ඇයට පුංචි පුතෙක් ඉන්නවා.මේ පුංචි පුතාගේ වයස අවුරුදු දෙකයි මාස තුනයි.පසුගිය කාලය නම් ඇයව වැඩිපුර දකින්නට ලැබිලා නැත්තේ ඇය පුතාගේ වැඩ කටයුතුත් එක්ක කාර්යබහුල වූ නිසයි.

කෙසේ නමුත් දරුවත් ලැබිලා කලින් හිටියටත් වඩා බොහොම ලස්සනට ඇය තමන්ගේ ශරීරය මේන්ටේන් කරනවා.ඒ සම්බන්ධයෙන් අහපුහාම මේනකා කිව්වේ මේ වගේ කතාවක්.

"බබා ලැබෙද්දි මගේ බර කිලෝ 94ක්. ඒ කාලේ හොඳට කෑවා. ඇඳුම් තෝරා ගන්න බැරි තරම් මහත් වුණා. දරුවා ලැබුණට පස්සේ මම ශරීරයේ බර අඩු කරගත්තේ නටලාමයි. කිලෝ 30ක් අඩු කරගත්තා. නර්තනය කියන්නේ මගේ ඇඟේ තියෙන දෙයක්. මගේ අම්මත් කියනවා ඔයා නම් කවදාවත් නැටිල්ල නතර කරන එකක් නැහැ කියලා. ඒ තරම් මම නර්තනය ට කෑදරයි. ඒක මට භාවනාවක් වගේ, ඉතිං මම මාව මේන්ටේන් කරන්න නර්තනය භාවිත කරනවා."

ඉතින් ඇය කිව්වෙ ඔන්න ඔය විදිහේ කතාවක්.ඉතින් ඇයගේ ඉදිරි ජීවිතය දිනෙන් දෙනවා සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.