රුසියාවේ ජනගහන අනුපාතය පහත වැටීම හේතුවෙන් රුසියාවේ සෑම කාන්තාවකටම අනාගතයේදී අවම වශයෙන් දරුවන් 8 දෙනෙකු සිටිය යුතු බව එරට ජනාධිපති ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි


රුසියාවේ උපත් අනුපාතය 1991 සිට ශීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර, සෑම පවුලකටම දරුවන් හතර දෙනෙකුට වඩා සිටි නමුත් නූතන ලෝකයේ එම සංඛ්‍යාව හැකිලී ගොස් ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.




ඔහු එය සඳහන් කළේ රුසියාවේ මොස්කව් අගනුවර පැවති ලෝක රුසියානු මහජන කොංග්‍රසයේ රැස්වීම වීඩියෝ මාර්ගයෙන් අමතමින්.


මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රුසියානු ජනාධිපති,




“රුසියාවේ දැඩි ශ්‍රම හිඟයක් පවතී. ඒ නිසා රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. එබැවින් ශ්‍රම හිඟය නිවැරදි කිරීම සඳහා රටේ ජනගහනය වැඩි කිරීම රජයේ ඉලක්කයයි. ඒ සඳහා රුසියාවේ සෑම කාන්තාවකටම අනාගතයේදී අවම වශයෙන් දරුවන් 8 දෙනෙකු සිටිය යුතුය. මෙමගින් වසර 1000ක් පැරණි රටේ උරුමය සුරැකෙනු ඇත.”




එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ යුක්රේනය සමඟ යුද්ධයෙන් රුසියානුවන් ලක්ෂ 3 ක් පමණ මිය ගොස් ඇති බවයි.


මෙම පසුබිම තුළ පුටින් මෙම තීරණය ගෙන ඇති බව එහි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මෙම වසර මුලදී ප්‍රකාශයට පත් කරන ලද සංගණනයට අනුව රුසියාවේ ජනගහනය කෝටි 14ක්.




එය 1999 දී පුටින් ප්‍රථම වරට බලයට පත්වීමට පෙර ජනගහනයට වඩා සැලකිය යුතු පසුබෑමක් බවයි වාර්තා වී ඇත්තේ