ගායන ලෝකය තුළ මියුරු කටහඬකට උරුමකම් කියන ඒ ඒවගේ මේ කටහඬට සමාන කටහඬක් තවත් හොයාගන්නට නොමැති දක්ෂ ගායකයෙක් තමයි දමිත් අසංක කියන්නේ.ඔහු විසින් ගායනා කරපු ගීත බොහොමයක් අදටත් ඒ ආකාරයෙන්ම ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ඉහලින්ම තියෙනවා.

දමිත් අසංක කියන්නේ නිහතමානී කලාකරුවෙක් අපි එහෙම කියන්නේ ඔහු කවදාවත් ජනප්‍රියතාවය මුදල් පසුපස හඹා ගියපු කලාකරුවෙක් නොවන නිසා.හැබැයි එක්තරා කාලසීමාවකදී ඔහු ජනප්‍රියත්වයේ හිනිපෙත්තේම ඉන්න කාල සීමාවක හදිසියේම අපිට ඔහුව දැක බලා ගන්නට හැකියාව ලැබුණේ නැහැ.

ඒකට හේතුව දමිත් අසංක කලාවෙන් ඈත් වෙලා හුදෙකලා ජීවිතයක් ගත කළ නිසයි.තවත් සමහරු කියන්න පටන් ගත්තා දමිත් මානසික රෝගියෙක් කියලා.ඒ වගේම තවත් සමහරු කියන්න පටන් ගත්තා දමිත් කලා ලෝකේ එක්තරා නිළියක් නිසා කලකිරීමක් ඇතිවෙලා ඔහු මේ විදිහට නිහඬ ජීවිතයක් ගත කරනවා කියලා.

ඒ දේවල් වල සත්‍ය අසත්‍යතාවය අපි දන්නේ නැහැ. හැබැයි ආයෙමත් සැරයක් දමිත් ටික ටික සින්දු කියන්න පටන් අරන්.ඔහු ජීවිතයේ බොහෝ දේවල් තේරුම් අරගෙන අවසන්.ඒ නිසාම මේ වෙද්දි අතීතය ඔහුට වැරදුනු තැන් සහ ඔහු දැන් ජීවත් වෙන්න උත්සාහ කරන විදිහ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ මෙන්න මේ විදිහටයි.

“සමහර කාල තිබ්බ මම දවසට ලක්ෂ හයක් හතක් හොයපු කාල.හැබැයි මගේ දුර්වලකම් නිසා එක කාලෙක මගේ තිබ්බ සියලු ඉඩකඩම් යානවාහන සියල්ල මට විකුණන්න සිද්ධ වුණා.දැන් මම මේ වෙද්දේ කිසිම මත්ද්‍රව්‍යක් භාවිතා කරන්නේ නැහැ. ආගම දහම පුළුවන් තරම් රැකගෙන ජීවිතේ ගෙවන්න උත්සහ කරනවා.මම අද ජීවිතේ ඉන්න තැන ගැන මට සතුටුයි.දවස ගානේ ලැබෙන රසික ප්‍රතිචාර දැනෙද්දී මටත් හිතනවා යම්කිසි දෙයක් ලංකාව වෙනුවෙන් කළා කියලා”

ඉතින් තවත් ඉදිරියට ඔහුගේ කලා ජීවිතය දිනෙන් දිනම දියුණු වේවා කියා අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.