පුත්තලම කලපුවේ ගිල්වා තිබූ රත්‍රන් කිලෝග්‍රෑම් 04 කට අධික තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.


ඒ ඊයේ (08) ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම කලපුවේ, බත්තලංගුණ්ඩුව දූපත අසල මුහුදේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීය.



එම සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.